ඔයාලටත් ඉන්ටෙර්නෙට් එකෙන් නොමිලේ ඉඩක්! [Dropbox]

කෙටි හැදින්වීමක්

ඔයාලගේ කොම්පුටෙර් දෘඩ තැටියේ ඉඩ ඔයාල පාවිච්චි කරනවා නේද ෆෝල්ඩර් හදන්ඩ, ෆයිල් හදන්ඩ? ඔයාලත් කැමතිද ඉන්ටෙර්නෙට් එකෙන් නොමිලේ දෙන ඉඩක් ඒවගේ පාවිච්චි කරන්ඩ? මේ වැඩේ කරන්ඩ දැන් ගොඩක් වෙබ්අඩවි තියනවා. මම ඔයාලට අද කියන්ඩ යන්නේ ඒ වගේ පාවිච්ච් කරන්ඩ පුළුවන් හරිම සරල වෙබ්අඩවියක් ගැන. මේ වෙබ්අඩවියෙ ඔයාලට නොමිලේ රෙජිස්ටර් වෙන්ඩ පුළුවන්. පලවෙනි පාරට ඔයාලට 2 GB නොමිලේ ලැබෙනවා. ඊට පස්සේ පොඩ්ඩ් පොඩ්ඩ් ඉඩ වැඩි කරගන්ඩ පුළුවන්.

හදිස්සි කාරයන්ට

නොමිලේ Dropbox ගිණුමක් හදා ගෙන තනියම “අතගාල” වෙබ්අඩවිය බලන්ඩ කැමති අයට මෙන්න ලින්ක් එකකක් Create Dropbox account now (එහෙම නැත්තන් මේ ලින්ක් එක කොපි/පෙස්ට් කරලත් පුළුවන් http://db.tt/f1pCzQw3)

සම්පුර්ණ ලිපිය

Dropbox කියන්නේ අපිට ඉන්ටෙර්නෙට් එකෙන් නොමිලේ ඉඩ ලබාදෙන තැනක්. හැබයි මේක වෙබ්අඩවියක් ප්‍රචාරය කරන්ඩ හදන ඉඩක් වගේ නෙමෙයි! මේක අපිට අමතර දෘඩ තැටියක් වගේ පාවිච්ච් කරන්ඩ පුළුවන්. අනික අයට බලන්ඩ බැරිවෙන්න අපේ පුද්ගලික පරිගණක ගොනු (files) රදවා තියා ගන්න වගේම අවශ්‍ය නම් ඕනේ ගොනුවක් අනික අයත් එක්ක බෙදා ගන්නත් (share) පුළුවන්!

DropBox Page

Dropbox වෙබ්අඩවිය

මේක එක්ක අපිට ක්‍රම දෙකකට වැඩ කරන්ඩ පුළුවන්.

  • වෙබ් බ්‍රව්සරය විතරක් පාවිච්චි කරලා
  • Dropbox මෘදුකාංගය පාවිච්චි කරලා

කැමති නම් වෙබ් බ්‍රව්සරය මගින් ෆෝල්ඩර් හදන්ඩ, ෆයිල් දාන්ඩ, ෆෝල්ඩර් සහ ෆයිල් බෙදා (share) ගන්න පුළුවන්. එහෙම නැත්තන් Dropbox මෘදුකාංගය පාවිච්චි කරලා කෙලින්ම පරිගණකයේ ෆෝල්ඩර් එකක් විදිහට ඔයාලගේ Dropbox එකේ 2 GB ඉඩ පාවිච්චි කරන්ඩත් පුළුවන්! ඒක තමා ලේසිම විදිහ. අපිට ඕනේ ෆයිල් දෘඩ තැටියෙන්  කෙලින්ම මේ ෆෝල්ඩර් එකට ඇදල දැම්මම එයා හෙමින් සීරුවේ ඒවා අන්තර්ජාලයට Upload කරනවා. ඒ විතරක් නෙමෙයි, ඕන නම් ගෙදර පරිගණකයට අමතරව කාර්යාලයේ පරිගණකයටත් මේ මෘදුකාංගය දාගන්ඩ පුළුවන්! එතකොට ගෙදර තියන Dropbox එකේ ඒවා කාර්යාලයේ තියනවා වගේ තමා!

අපි Dropbox එකට දාන ෆයිල් අපිට විතරයි බලන්ඩ පුළුවන්. හැබැයි අපි කැමති නම් අපිට ඒවා බෙදා ගන්නත් පුළුවන්. ඒක තමා වැදගත්ම දේ! යාලුවෙක්ට 2 GB වගේ ෆයිල් එකක් දෙන්ඩ ඕනේ උනාම ඒක අපේ Dropbox එකට දාල Share කරපුවම වැඩේ හරි!

මේ වැඩේට යොදා ගන්නේ Cloud තාක්ෂණය. මුලින්ම 2 GB දුන්නට පස්සේ පස්සේ අපිට යාළුවන්ට මේක හදුන්වල දීල අපේ Dropbox ඉඩ ප්‍රමාණය 2 GB ඉඳල උපරිම 16 GB දක්වා වැඩි කරගන්ඩ පුළුවන්. ඒක හරියට අපේම කියල 16 GB පෙන් ඩ්‍රයිව් එකක් ඉන්ටෙර්නෙට් එකේ තියනවා වගේ! කැමති අයට ඉතින් සල්ලි දීල 100 GB වගේ ඉඩක් උනත් (ඊට වැඩිය උනත්) ගන්ඩ පුළුවන්!

කරුණු සොයා ගත්ත වෙබ් අඩවි

අවසානය

මේ ලිපිය මගේ අත්දැකීම් ඇතුව ලියපු එකක්. මේක ඔයාලට වැදගත් උනානම් LIKE එකක් දාල යාලුවෝ එක්ක Facebook, Twitter එහෙම බෙදා ගන්නත් (share) අමතක කරන්ඩ එපා හොඳේ! කැමති නම් ලිපිය ගැන අදහස් පල කරන්ඩ Comment box එක පාවිච්ච් කරන්ඩ. එහෙනම් තවත් වැදගත් තොරතුරු එක්ක ආයෙත් දවසක හම්බ වෙමු!

Advertisements

4 comments on “ඔයාලටත් ඉන්ටෙර්නෙට් එකෙන් නොමිලේ ඉඩක්! [Dropbox]

ලිපිය ගැන යමක් කීවොත් සතුටුයි!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )