කාටවත් හදන්ඩ බැරි CON ෆෝල්ඩර් එක හදලම බලමුද? [CON folder creation]

කෙටි හැදින්වීමක්

ඔයාල අහල තියනවද Windows පද්ධති වල හදන්න බැරි ෆෝල්ඩර් එකේ නම CON කියල? මේක නම් ඇත්ත … (හැබයි බාගෙට ඇත්ත). අද මම ඔයාලට කියන්ඩ යන්නේ මේ අරුම පුදුම ෆෝල්ඩර් එක ගැන! හැබයි ලිපිය කියවල ඉවර උනාට පස්සේ නම් පුදුම වෙන්ඩ දෙයක් නෑ … ඕනේ නම් ඔයාලගේ යාලුවෝ ඉස්සරහ මේ බෑ කියන ෆෝල්ඩර් හදල පොඩි වැඩ කෑල්ලක් දාන්ඩත් පුළුවන් වෙයි … 😉

සම්පුර්ණ ලිපිය

මේ නමින් ෆෝල්ඩර් සහ ෆයිල් හදන්න බැරි හේතුව ඒවා ඩිවයිස් වලට වෙන් කරපු වචන වීමයි. DOS පද්දතිය පටන් ගත්ත කාලේ ඉඳල මේ වචන සාමාන්‍ය බාවිතයෙන් අයින් කරල තිබ්බේ. තාමත් මේ වචන පාවිච්චියට ගන්න බෑ! මේ වචන වෙන් කරල තියන්නේ මේ විදිහට.

CON කියන්නේ කොන්සොල් (console) එකට, PRN කියන්නේ  ප්‍රින්ටර් (printer) එකට. COM0 කියන්නේ පලවෙනි COM Port එක (අලුත් පරිගණක වල මේ COM port එක නෑ. හැබයි තත්‍යසන්න (virtual) COM ports තියනවා) දැන් ඔයාලට සරලව තේරෙනවද මේ වචන පරිගණකයේ යම් යම් උපාංග වෙනුවෙන් වෙන් කරලා බව?

Windows 7 Error

Windows 7 error when creating CON folder

DOS Error

DOS error when creating CON folder

තව මොන නම් වලින්ද බැරි?

හදන්ඩ බැරි අනික් ෆෝල්ඩර නම් ටික තමා මේ. ට්‍රයි කරල බලන්ඩකෝ මම කියන එක හරිද කියල.

  • CON
  • PRN
  • AUX
  • CLOCK$
  • NUL
  • COM0
  • COM1
  • COM2
  • COM3
  • COM4
  • COM5
  • COM6
  • COM7
  • COM8
  • COM9
  • LPT0
  • LPT1
  • LPT2
  • LPT3
  • LPT4
  • LPT5
  • LPT6
  • LPT7
  • LPT8
  • LPT9

මේවා හදන හැටි!

මේ නමින් කිසිම ෆෝල්ඩර් එකක් හෝ ෆයිල් එකක් හදන්ඩ බෑ කියල හිතුවට බැරිමත් නෑ! දැන් මම කියන්ඩ යන්නේ මේවා හදන හැටි ගැන! ක්‍රම කීපයක් තියනවා. අපි බලමුද එක එක ට්‍රයි කරල? වැඩේ හරි ගියොත් මේ වගේ ෆෝල්ඩර් ඔයාලගේ පරිගණකයේත් තියෙන්ඩ පුළුවන්!

Created folders

Impossible folders …

පළවෙනි ක්‍රමය – DOS වලින්

මුලින්ම DOS කොන්සෝල් එක විවෘත කරගන්ඩ ඕනේ. ඒකට ක්ලික් කරන්ඩ Start –> All Programs –> Accessories –> Command Prompt (මේක විවෘත කරන්ඩ කෙටි ක්‍රම තියනවා. මේක ඉතින් හැමෝටම තේරෙන ලේසි ක්‍රමය). ඊට පස්සේ එන කලුපාට Window එකේ පහලින් දාල තියන විධාන දෙක දෙන්ඩ (හැම විධානයකට පස්සේ Enter  යතුර ඔබන්න ඕනේ)

  • CD\
  • MD CON\

දැන් DOS වින්ඩො එක වහල, බලන්ඩ My Computer එකෙන් ගිහිල්ල ඔයාලගේ C: ධ්‍රයිව් එකේ CON කියල ෆෝල්ඩර් එකක් ඇති! (ඔය තියන්නේ හදන්ඩ බෑ කීව ඒවා හැදිලා! ;-))

දෙවෙනි ක්‍රමය – Windows වලින්

කලින් ක්‍රමය වගේ නෙමෙයි මේක. පොඩි හොර ක්‍රමයක්! කලින් විදිහෙන් හැදුනේ ඇත්තම ෆෝල්ඩර් එකක් CON කියල. හැබයි මේ ක්‍රමයේදි කරන්නේ ඇහැට නොපෙනෙන අකුරක් දාල CON කියන නම විතරක් පෙනෙන්න හදනවා! ඒක කරන්නේ මෙහෙමයි. My Computer විවෘත කරලා කලින් වගේම ඔයාලගේ C: ධ්‍රයිව් ඒකට යන්ඩ. දැන් New Folder අයිකනය ඔබල (Windows XP වල නම් Common Task එකේ නැත්නම් File –> New –> Folder) ෆෝල්ඩර් එකේ නම ටයිප් කරන්ඩ මේ වගේ.

  • com1 ටයිප් කරලා Alt යතුර තද කරගෙනම 255 ටයිප් කරන්ඩ. දැන් Enter යතුර ඔබන්න (255 ටයිප් කරන්ඩ කලින් Enter යතුර ඔබන්ඩ එපා. එතකොට මේක හැදෙන්නේ නෑ!)

දැන් ඔයාලට පේනවද com1 කියල ෆෝල්ඩර් එකක් තියනවා? (Windows වලින් මේක කරන්ඩ තව ක්‍රම තියනවා. ඔක්කොම ටයිප් කරන්ඩ කම්මැලියි! සිංහලෙන් කොටන එකත් ලේසි නෑ!)

හදපු ඒවා මකන හැටි!

දැන් තමා මාර වැඩේ වෙන්නේ! දෙවෙනියට හදපු එක නම් රයිට් ක්ලික් කරලා මකන්ඩ (Delete) පුළුවන්. හැබැයි පලවෙනි එක එහෙම මකන්ඩ බෑ නේද? (ට්‍රයි කරල බලන්ඩ පුලුවන්ද කියල?) බය වෙන්ඩ එපා! මකන හැටිත් කියල දෙන්ඩ යන්නේ! (නැත්තන් බ්ලොග් එක ලියල ඉවර උනාට පස්සේ මට මකන්ඩත් බෑ නේ!) මේක හරි සරලයි. DOS වලින් තමා මකන්න ඕනෙ.

කලින් වගේ DOS කොන්සෝල් එක විවෘත කරල (අමතක අය ක්ලික් කරන්ඩ Star –> All Programs –> Accessories –> Command Prompt) පහලින් දාල තියන විධාන දෙක දෙන්ඩ (හැම විධානයකට පස්සේ Enter  යතුර ඔබන්න ඕනේ)

  • CD\
  • RD CON\

දැන් බලන්ඩ My Computer එකෙන් ගිහිල්ල ඔයාලගේ C: ධ්‍රයිව් එකේ CON කියල ෆෝල්ඩර් එකක් නැතුව ඇති! (යන්ඩ බෑ කීව ඒවා ගිහිල්ල නේද? ;-))

කරුණු සොයා ගත්ත වෙබ් අඩවි

අවසානය

මේ ලිපිය මගේ අත්දැකීම් ඇතුව ලියපු එකක්. අවුරුදු ගානකට කලින් Q&A බ්ලොග් එක්ක තමා පලවෙනි ක්‍රමය දාල තිබ්බේ. හැබැයි ඒ ලින්ක් එක මට දැන් මතක නෑ. ඒ උනත් එක ලියපු කතෘටත් ගොඩක් ස්තුතියි! මේක ඔයාලට වැදගත් උනානම් LIKE එකක් දාල යාලුවෝ එක්ක Facebook, Twitter එහෙම බෙදා ගන්නත් (share) අමතක කරන්ඩ එපා හොඳේ! කැමති නම් ලිපිය ගැන අදහස් පල කරන්ඩ Comment box එක පාවිච්ච් කරන්ඩ. එහෙනම් තවත් වැදගත් තොරතුරු එක්ක ආයෙත් දවසක හම්බ වෙමු!

Advertisements

3 comments on “කාටවත් හදන්ඩ බැරි CON ෆෝල්ඩර් එක හදලම බලමුද? [CON folder creation]

  1. පින්ග්කිරීම: Internet ඒකෙ දිගට තියන වෙබ් ලිපින කොට කරන ක්‍රමයක් | Nishan_SharePortal

ලිපිය ගැන යමක් කීවොත් සතුටුයි!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )