කවුද හිතුවේ කෙලින්ම ඉන්ටෙර්නෙට් ඒකට කොපි/පේස්ට් කරන්ඩ පුළුවන් කියල!

කෙටි හැදින්වීමක්

ඔයාල පරිගණක පාවිච්චි කරනකොට ඔනේ තරම් copy/paste කරල ඇති නේද? විශේෂයෙන් ඔය පන්තිවල assignment එහෙම කරනකොට අන්තර්ජාලයෙන් බාගයක් විතර assignment එකට කොපි/පේස්ට් වෙන එක සාමාන්‍ය දෙයක් නේ … හික් හික්! අද මම කියල දෙන්ඩ යන්නේ මට අහම්බෙන් හම්බ උන වෙබ්අඩවියක් ගැන. මේ වෙබ්අඩවියෙ තියන විශේෂත්වය තමා අපිට ඕනෑම ෆොටෝ එකක් (හෝ එයින් තෝරාගත් කොටසක්) නිකන්ම අන්තර්ජාලයට කොපි/පේස්ට් කරන්ඩ පුළුවන් වීම! දැන් ඉතින් පින්තුර ඊමේල් කර කර ඉන්ඩ ඔනේ නෑ, හොය හොයා පින්තුර upload කර කර ඉන්ඩ ඕනෙත් නෑ!

හදිස්සි කාරයන්ට

තනියම “අතගාල” වෙබ්අඩවිය බලන්ඩ කැමති අයට මම කොහොමත් උදවු කරනවා. එහෙම අයට මෙන්න ලින්ක් එක ට්‍රයි කරල බලන්ඩ [Paste images] (එහෙම නැත්තන් මේ ලින්ක් එක කොපි/පෙස්ට් කරලත් පුළුවන් http://bit.ly/N3C1qy) හදිසියක් නැත්නම් මගේ බ්ලොග් එකේ ඉතුරු ටිකත් කියවලම වැඩේට බහින්ඩ. එතකොට වැඩෙත් හරියටම දන්නවා, පොඩ්ඩක් හිතටත් හොඳයිනේ!

සම්පුර්ණ ලිපිය

මේ වෙබ් අඩවියට ඔයාලට ඕනෙම පින්තුරයක් කෙලින්ම කොපි/පෙස්ට් කරන්ඩ පුළුවන්. කරපු ගමන් එයා පින්තුරය ගන්න පුළුවන් ලින්ක් එකක් අපිට හදල දෙනවා. ඒ ලින්ක් එක අපිට ඕනෙම කෙනෙක් එක්ක බෙදා ගන්න පුළුවන්. මේ වෙබ් අඩවිය කරන්නේ ඔයාගේ පරිගණකයේ තියන clipboard එක කියවල එකේ තියන පින්තුර ගැන තොරතුරු එයාගේ වෙබ්අඩවියට දාන එක. හරිම ලේසි වැඩක් නේද? මේ වෙබ්අඩවිය අපිට පහල දැක්වෙන ඕනෙම විදිහකට පාවිච්චි කරන්ඩ පුළුවන්.

Snaggy Home Page

Here is the home page of the website

පින්තුර කෙලින්ම කොපි/පෙස්ට් කරන ක්‍රම

පෙස්ට් කරන හැම වතාවෙම මේ වෙබ්අඩවියට ඇවිල්ල Ctrl + V තමා ඔබන්න තියන්නේ. Ctrl + V කියන්නේ පෙස්ට් කරන කෙටි ක්‍රමය (shortcut) කියල ගොඩ දෙනෙක් දන්නවා ඇතිනේ? ඔයාලට ඔය පහල දාල තියන ක්‍රම වලින් ඕනෙම එකක් ට්‍රයි කරල බලන්ඩ පුළුවන්!

  1. ඕනෙම වෙබ්අඩවියක පින්තුරයක් right ක්ලික් කරල කොපි විධානය දීල, ඊට පස්සේ මේ වෙබ්අඩවියට ඇවිල්ල Ctrl + V ඔබන්ඩ
  2. ඔයාගේ පරිගණක තිරයේ සම්පුර්ණ පින්තුරයක් ඔනේ නම්, යතුරු පුවරුවේ Print Screen යතුර ඔබල, ඊට පස්සේ මේ වෙබ්අඩවියට ඇවිල්ල Ctrl + V ඔබන්ඩ
  3. Paint Brush හෝ වෙනත් ග්‍රැෆික් මෘදුකාංගයක ඉඳල පින්තුරයක් හෝ පින්තුරෙකින් කොටසක් විතරක් කොපි කරන්ඩ ඔනේ නම්, අවශ්‍ය ටික තෝරල (select) කොපි විධානය දීල, ඊට පස්සේ මේ වෙබ්අඩවියට ඇවිල්ල Ctrl + V ඔබන්ඩ
  4. පරිගණකය ඇතුලේ පින්තුරයක් නම් (දෘඩ තැටියේ තියන), කෙලින්ම ෆයිල් එක right ක්ලික් කරල කොපි විධානය දීල, ඊට පස්සේ මේ වෙබ්අඩවියට ඇවිල්ල Ctrl + V ඔබන්ඩ. හැබැයි මේ වැඩේ කරන්ඩ ඔයාලගේ වෙබ් බ්‍රවුසරයේ Java ඉන්ස්ටෝල් කරල තියෙන්ඩ ඔනේ. java නැත්තම් ඔයාලට ඒක බාගන්න පුළුවන් මේ ලින්ක් එකෙන් (java ගන්න)

පෙස්ට්කරාට පස්සේ මොකද කරන්නේ?

පෙස්ට් කරාට පස්සේ අපිට ඔනේ නම් වැඩ දෙකක් කරන්ඩ පුළුවන්.

  1. පින්තුරය අනික් අයත් එක්ක කෙලින්ම බෙදා ගන්න පුළුවන් (යාළුවන්ට ලින්ක් එක යවන්ඩ විතරයි ඔනේ)
  2. අවශ්‍යනම් පින්තුරය පොඩ්ඩක් හදා ගන්ඩ පුළුවන් (බෙදා ගන්ඩ කලින්)

පොඩි උදාහරණයක් බලමුද?

දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ පොඩි උදාහරණයක්. මම විකිපීඩියා වෙබ්අඩවියෙන් ගත්ත අනගාරික ධර්මපාලතුමාගේ පින්තුරයක් Paint Brush මෘදුකාංගයෙන් විවෘත කරල ඒකෙන් කොටසක් විතරක් කොපි/පේස්ට් කරනවා කෙලින්ම අර වෙබ්අඩවියට!

Copying a section of an Image in Microsoft Paint Brush

Copying a section of an Image in Microsoft Paint Brush

Pasted image inside "snaggy" web site

Pasted image inside snaggy web site

පොඩි ටිප් එකක්!

ඔය දීල තියන ලින්ක් එකට ගියාම පින්තුරය විතරක් නෙමෙයි, මේ පෙන්වන පිටුවම වෙබ් බ්‍රව්සරයට එනවා! හැබැයි අපිට ඕන පින්තුරය විතරනේ! (ගොඩක් වෙලාවට ඔනේ ඒක විතරනේ) එතකොට කරන්ඩ ඔනේ මේ දෙන ලින්ක් වලට ඉංගිරිසි i අකුර එකතු කරන එක! හරියටම පහල තියන විදිහට තමා කරන්ඩ ඔනේ. ඔනේ නම් ඔය ලිනක්ස් ඔබල බලන්ඩ කොහොමද පිටුව සහ පින්තුරය පෙනෙන්නේ කියල.

  • වෙබ්අඩවිය මගින් හම්බ උන ලින්ක් එක – http://snag.gy/J4Hnu.jpg (මේකෙන් පිටුවම එනවා)
  • අපි i අකුර එකතු කල ලින්ක් එක – http://i.snag.gy/J4Hnu.jpg (දැන් එන්නේ පින්තූරය විතරයි!)
Clear image of the links

Clear image of the links

කරුණු සොයා ගත්ත වෙබ් අඩවි

අවසානය

මේ ලිපිය මගේ අත්දැකීම් ඇතුව ලියපු එකක්. මේ වෙබ්අඩවිය මට හම්බ උනේ අහම්බෙන් වගේ. (විද්දේ පදුරට, වැදුනේ හාවට වගේ සීන් එකක්) මේක ඔයාලට වැදගත් උනානම් LIKE එකක් දාල යාලුවෝ එක්ක Facebook, Twitter එහෙම බෙදා ගන්නත් (share) අමතක කරන්ඩ එපා හොඳේ! කැමති නම් ලිපිය ගැන අදහස් පල කරන්ඩ ඔය පහල තියන Reply box එක පාවිච්ච් කරන්ඩ. එහෙනම් තවත් වැදගත් තොරතුරු එක්ක ආයෙත් දවසක හම්බ වෙමු!

Advertisements

9 comments on “කවුද හිතුවේ කෙලින්ම ඉන්ටෙර්නෙට් ඒකට කොපි/පේස්ට් කරන්ඩ පුළුවන් කියල!

ලිපිය ගැන යමක් කීවොත් සතුටුයි!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )