Photoshop නැතුව සිරා ෆොටෝ හදන හැටි! [Retro Effects]

කෙටි හැදින්වීමක්

Photoshop ගැන හැමෝම අහල ඇතිනේ? ඔය පොඩි පොඩි පින්තුර සුළුවෙන් වගේම මහා පරිමාණයෙන් උනත් හදා ගන්ඩ ගොඩක් දෙනා පාවිච්චි කරන්නේ මේ මෘදුකාංගය තමා. Photoshop වෙනුවට පාවිච්චි කරන්ඩ පුළුවන් මෘදුකාංග තිබ්බත් හැමෝම වැඩියෙන් කැමති සහ වැඩියෙන් පාවිච්චි කරන්නේ මේකම තමා. අද මම ඔයාලට කියන්ඩ යන්නේ Photoshop පාවිච්චි කරන්නේ නැතුව ඉතාම ඉක්මනට පින්තුරයක් පොඩි පොඩි වැඩ කෑලි ටිකක් දාල හදා ගන්ඩ පුළුවන් විදිහක් ගැන. කොටින්ම මේකේ තියන වැඩ කෑලි ටික හරිම ලස්සනයි (තියෙන්නේ ටිකයි, හැබැයි හොඳයි!). ඒවා Photoshop වලින් කරන්ඩ නම් අඩු ගානේ විනාඩි 5 – 10 වත් යනවා. එත් මේ කියල දෙන විදිහෙන් විනාඩි 2 කරල ඉවර කරන්ඩ පුළුවන්.

හදිස්සි කාරයන්ට

තනියම “අතගාල” වෙබ්අඩවිය බලන්ඩ කැමති අයට ඔන්න මම මුලින්ම ලින්ක් එක දානව. මෙන්න ලින්ක් එක ට්‍රයි කරල බලන්ඩ [Online Image Processor] (එහෙම නැත්තන් මේ ලින්ක් එක කොපි/පෙස්ට් කරලත් පුළුවන් http://bit.ly/nishan-omatic) හදිසියක් නැත්නම් මගේ බ්ලොග් එකේ ඉතුරු ටිකත් කියවලම වැඩේට බහින්ඩ. එතකොට හරියටම දන්නවා වගේම පොඩ්ඩක් හිතටත් ෆිට්නේ! වෙබ්අඩවිය හොඳ නම් මගේ බ්ලොග් එකට VOTE කරල, පොඩි LIKE එකක්, COMMENT එකක්  එහෙම දාල, Facebook, Twitter, Google+ එකේ ඉන්න යාලුවෝ එක්ක බෙදා ගන්ඩත් අමතක කරන්ඩ එපා හොඳේ!

සම්පුර්ණ ලිපිය

මේ කියන වෙබ්අඩවියට ගියාට පස්සේ ඔයාලට කැමති ෆොටෝ එකක් මේ අඩවියට upload කරන්ඩ පුළුවන්. ඔනේ නම් වෙබ් කැමරා එකෙන්, එහෙම නැත්තන් දැනටමත් ඔයාලගේ පරිගණකයේ තියන පින්තුරයක්. එහෙම නැත්තන් මේ වෙබ්අඩවිය දීල තියන උදාහරණ පින්තුර වලින් එකක් උනත් අරගන්න පුළුවන්.

Pixlr-o-matic Site

Photo effects, vintage and retro design maker

ඔයාල වෙබ්අඩවිය දෙන පින්තුර ගන්නවා නම් ඔය පහල දීල තියන පින්තුර වලින් එකක් ගන්ඩ පුළුවන්. පළවෙනි වතාවට උත්සහ කරන හින්ද එයාල දීල තියන පින්තුරයක් ගන්න එක ලේසි වෙනවා.

Sample images

Sample images for you to try

දැන් කරන්ඩ තියන්නේ හරිම ලේසි දෙයක්. ඇත්තම කියනවා නම් පියවර 3 පාවිච්චි කරල ඔයාලට පින්තුරය හදා ගන්ඩ පුළුවන්. මේ පියවර තුනේදී ඔයාලට මේ කියන ප්‍රයෝග පින්තුරයට දාන්ඩ පුළුවන්.

  1. Effects (විසිතුරු ප්‍රයෝග)
  2. Overlays (විසිතුරු වැසුම්)
  3. Borders (විසිතුරු දාර)

Effects (විසිතුරු ප්‍රයෝග)

පළමුව දාන්ඩ තියන්නේ විසිතුරු ප්‍රයෝග. විවිද විසිතුරු ප්‍රයෝග ගොඩක්, උඩ තියන පටියක් වගේ කොටසක යනවා. ඔයාල ඕන කරන ප්‍රයෝගය උඩ ක්ලික් කලාම ඒක පින්තුරයට වැටෙනවා. හිතට හරියන එකක් ලැබෙනකන් අපිට එක එක ප්‍රයෝග උත්සහ කරල බලන්ඩ පුළුවන්! පහල පින්තුරයෙන් ඔයාලට වැඩේ පැහැදිලි වෙයි කියල හිතනවා.

Various Effects

Observer the effects list

ඔයාලට පේනවා නේද උඩ තියන පින්තුරේ පහල පොඩි මීටරයක් තියනවා? රතු, නිල් සහ කහ පාටින්? ඒකෙ රතු පාට කොටස ක්ලික් කලාම තමා මේ විසිතුරු ප්‍රයෝග (effects) එන්නේ.

Overlays (විසිතුරු වැසුම්)

ඔයාලගේ පින්තුරයට විසිතුරු වැසුමක් (Overlay) දාගන්ඩ නම් අර යට තියන පුංචි මීටරේ නිල් පාට කොටස ක්ලික් කරන්ඩ. දැන් ඔයාලට කලින් වගේම උඩින් පටියක් වගේ කොටසක විසිතුරු වැසුම් ගොඩක් යනවා. ඔයාල ඕන කරන වැසුම උඩ ක්ලික් කලාම ඒක පින්තුරයට වැටෙනවා. හිතට හරියන එකක් ලැබෙනකන් අපිට එක එක වැසුම් උත්සහ කරල බලන්ඩ පුළුවන්! පහල පින්තුරයෙන් ඔයාලට වැඩේ පැහැදිලි වෙයි කියල හිතනවා.

Overlay List

These are the different overlays which you can use

Borders (විසිතුරු දාර)

ඔයාලගේ පින්තුරයට විසිතුරු දාර  (Borders) දාගන්ඩ නම් අර යට තියන පුංචි මීටරේ කහ පාට කොටස ක්ලික් කරන්ඩ. දැන් ඔයාලට කලින් වගේම උඩින් පටියක් වගේ කොටසක විසිතුරු වැසුම් ගොඩක් යනවා. ඔයාල ඕන කරන වැසුම උඩ ක්ලික් කලාම ඒක පින්තුරයට වැටෙනවා. හිතට හරියන එකක් ලැබෙනකන් අපිට එක එක විසිතුරු වැසුම් උත්සහ කරල බලන්ඩ පුළුවන්! පහල පින්තුරයෙන් ඔයාලට වැඩේ පැහැදිලි වෙයි කියල හිතනවා.

Borders

These are the available borders

හදපු පින්තූරය පරිගණකයට ගන්න හැටි

දැන් ඔයාලගේ පින්තුරය අවශ්‍ය විදිහට හැදිල නම්, අපිට ඒක පරිගණකයට බාගන්න (download) පුළුවන්. ඒක හරිම ලේසියි. ඔයාලට තියෙන්නේ ඔය පුංචි මීටරේ ළඟ තියන Save බොත්තම ඔබන්ඩ. දැන් මේ පින්තුරයට නමක් දීල අලුත් පින්තුරය ඔයාලගේ පරිගණකයට බාගන්න. පහල පින්තුරයෙන් මේක පැහැදිලි වෙයි.

Save Image

You can save your image to your computer

මම හදපු පින්තුර කිහිපයක්

මේ පහලින් දාල තියෙන්නේ මම මේ සේවාව පාවිච්චි කරල හදපු පින්තුර වගයක්. මේවා Photoshop වලින් හදන්න යන වෙලාවත් එක්ක බැලුවම ඉතාම සුළු වෙලාවකින් මේ පින්තුර හදල ඉවර කරන්ඩ පුළුවන් උනා.

Completed Images

These are some real examples

මෙම සේවාව ගැන වැඩි විස්තර

මේ වෙබ් සේවාව පටන් අරගෙන දැන් අවුරුදු 4 වෙනවා. මිලියන ගානක් සෙනග මේ සේවාව ලබා ගන්නවා. තවත් මිලියන ගානක් සෙනග මේ සේවාව එයාලගේ ජංගම දුරකථන වලින් ලබා ගන්නවා. මේ සේවාව ඉක්මනට පින්තුර හදා ගන්ඩ ලෝකය පුරා ඉතාම ජනප්‍රිය සේවාවක්!

මේ වෙබ්අඩවියෙ සේවාව අපිට ඔනේ නම් පරිගණක වැඩසටහනක් විදිහට බාගන්ඩ පුළුවන් මෙන්න මේ ලින්ක් එකෙන්. (එහෙම නැත්තන් මේ ලින්ක් එක http://bit.ly/nishan-omatic-download වෙබ් බ්‍රවුසරයේ ලිපින කොටසට (address bar) කොපි/පේස්ට් කරලත් පුළුවන්). හැබැයි මේක Adobe Air වැඩසටහනක්. ඒක හින්ද මේක වැඩ කරන්ඩ ඔයාලගේ පරිගණකයේ Adobe Air වැඩසටහන තියෙන්ඩ ඔනේ. අවශ්‍ය අයට එකත් ගන්ඩ පුළුවන් මේ ලින්ක් ඒක ක්ලික් කරල. (එහෙම නැත්තන් මේ ලින්ක් එක http://get.adobe.com/air/ වෙබ් බ්‍රවුසරයේ ලිපින කොටසට (address bar) කොපි/පේස්ට් කරලත් පුළුවන්)

ගූගල් ක්‍රෝම් (Google Chrome) පාවිච්ච් කරන අයට නම් මේක Chrome Web Store එකෙන් ගන්ඩ පුළුවන් මේ ලින්ක් එක පාවිච්ච් කරල. (එහෙම නැත්තන් මේ ලින්ක් එක http://bit.ly/nishan-omatic-chrome වෙබ් බ්‍රවුසරයේ ලිපින කොටසට (address bar) කොපි/පේස්ට් කරලත් පුළුවන්)

කරුණු සොයා ගත්ත වෙබ් අඩවි

පින්තුර දුන්න යාලුවෝ දෙන්නා

  • වෙනුර සහ ගයනි (දැන් හරිනේ! මෙන්න මේක තමා ඔයාල හොයපු ඒ කෙල්ලගේ නම. දැන් ඉතින් තනියම හිනා වෙන්නේ නැතුව Facebook ඒක පෙරල පෙරල හොයා පල්ල! :-පී)

අවසානය

මේ ලිපිය මගේ අත්දැකීම් ඇතුව ලියපු එකක්. අන්තර්ජාලය වටේ රවුමක් යනකොට අහම්බෙන් හම්බ උන වෙබ්අඩවියක් මේක! හැබයි මේකෙන් කරන්ඩ පුළුවන් දේවල් හින්ද මේක අනික් අයටත් වැදගත් වෙයි කියල හිතුන! මේක ඔයාලට වැදගත් උනානම් LIKE එකක් දාල VOTE  කරල යාලුවෝ එක්ක Facebook, Twitter, Google+ එක්ක එහෙම බෙදා ගන්නත් (share) අමතක කරන්ඩ එපා හොඳේ! කැමති නම් ලිපිය ගැන අදහස් පල කරන්ඩ පහල තියන අදහස් පළකරන කොටස පාවිච්ච් කරන්ඩ. එහෙනම් තවත් වැදගත් තොරතුරු එක්ක ආයෙත් දවසක හම්බ වෙමු!

3 comments on “Photoshop නැතුව සිරා ෆොටෝ හදන හැටි! [Retro Effects]

ලිපිය ගැන යමක් කීවොත් සතුටුයි!