Adobe Photoshop වගේම ඉන්ටර්නෙට් ඒකෙ නිකන් දෙන ෆොටෝ හදන සයිට් එක …

කෙටි හැදින්වීමක්

ඔයාල හැමෝම දන්නවා නේද Adobe Photoshop කියන පින්තුර හදන්ඩ ගන්න මෘදුකාංගය ගැන? මම දන්නා තරමින්, මේක තමා ලංකාවේ වඩාත් ජනප්‍රියම සහ  පින්තුර සංස්කරණයට වැඩියෙන්ම පාවිච්චි කරන මෘදුකාංගය. අද මම ඔයාලට කියන්ඩ යන්නේ මේ මෘදුකාංගය වගේම පාවිච්චි කරන්ඩ පුළුවන් මාර්ගගත (online) මෘදුකාංගයක් ගැන. මේවට Cloud Computing වලනම් කියන්නේ SaaS කියල (Software as a Service). මේ බ්ලොග් එක කියවලම වැඩේට සෙට් වෙලා බලන්ඩකෝ කොහොමද කියල!

හදිස්සි කාරයන්ට

තනියම “අතගාල” වෙබ්අඩවිය බලන්ඩ කැමති අයට ඔන්න මම මුලින්ම ලින්ක් එක දානව. මෙන්න ලින්ක් එක ට්‍රයි කරල බලන්ඩ [Online Photo Editor] (එහෙම නැත්තන් මේ ලින්ක් එක කොපි/පෙස්ට් කරලත් පුළුවන් http://bit.ly/nishan-ops) හදිසියක් නැත්නම් මගේ බ්ලොග් එකේ ඉතුරු ටිකත් කියවලම වැඩේට බහින්ඩ. එතකොට හරියටම දන්නවා වගේම පොඩ්ඩක් හිතටත් ෆිට්නේ! මේ ලිපිය සහ වෙබ්අඩවිය හොඳ නම්, මගේ බ්ලොග් එකට VOTE Like කරල, පොඩි LIKE එකක්, COMMENT එකක්  එහෙම දාල, Facebook Facebook, Twitter Twitter, Google+ Google+ එකේ ඉන්න යාලුවෝ එක්ක බෙදා ගන්ඩත් අමතක කරන්ඩ එපා හොඳේ!

සම්පුර්ණ ලිපිය

දැන් මම පෙන්නන්ඩ යන්නේ මේ වෙබ්අඩවිය එක්ක වැඩ කරන්නේ කොහොමද කියල ඉතාම කෙටියෙන්! ඔයාල මුල්ම කොටස් ටික දැන ගත්තට පස්සේ අනික් ටික අල්ල ගන්න හරිම ලෙසියි. මේක කියවන කවුරු හරි Adobe Photoshop ගැන පොඩ්ඩක් හරි දන්නවා නම් එයාට වැඩේ කොහොමත් ලේසියි. මම උඩින් දීල තියන ලිනක්ස් වලින් මේ අඩවියට ගියාට පස්සේ ඔයාලට පළවෙනියට කරන්න තියන්නේ අලුත් ගොනුවක් විවෘත කරන එක.හැබයි මේකට ඔනේ නම් අලුත් ගොනුවක් වෙනුවට ඔයාල ළඟ තියන පින්තුරයක් උනත් විවෘත කරගන්ඩ පුළුවන්. මේ පින්තුරය ඔයාලගේ පරිගණකයේ තියන එකක් වෙන්ඩම ඔනේ නෑ. අවශ්‍ය නම් Facebook හෝ වෙනත් වෙබ්අඩවියක තියන පින්තුරයක් උනත් මේකෙන් විවෘත කරගන්ඩ පුළුවන්. පහල පින්තුරයෙන් මේක වඩා පැහැදිලි වෙයි කියල හිතනවා.

Open Image

Create a new image or open your existing image

ඔයාල දැනට Create a New Image ඔබල බලන්ඩ කෝ! දැන් ඔයාලට පේනවා නේද අපිට ලැබෙන අතුරු මුහුණත Adobe Photoshop වලට සමානයි නේද? එකයි මම කලින් කීවේ Adobe Photoshop දන්නා කෙනෙක්ට මේක හරිම ලෙසියි කියල. වැඩේ පැහැදිලි කරගන්ඩ පහල පින්තුරය බලන්ඩ කෝ!

The Interface

This is the software interface

පින්තුර හදන හැටි!

දැන් ඉතින් ඉතුරු ටික හරිම ලේසියි! මේ අතුරු මුහුණතේ තියන මෙනු වලින් ඔයාලට හැම දෙයක්ම කර ගන්ඩ පුළුවන්. වම් පැත්තේ තියන උපකරණ (tools) වලින් ඔයාලට අඳින්න, මකන්ඩ, අකුරු ටයිප් කරන්ඩ වගේ ගොඩක් දේවල් කරගන්ඩ පුළුවන්. මම මේ බ්ලොග් ඒකෙ ඔක්කොම කියන්ඩ යන්නේ නෑ හොඳේ. ඔයාලට හෙමින් සීරුවේ මේක අල්ල ගන්ඩ පුළුවන්. මේකේන් පින්තුරය හදල ඉවර උනාම මේ වගේ පෙනෙන්න ගන්නව. (මේක ඉතින් මම හදපු එක! මේ බ්ලොග් එක ලියන්ඩ උදාහරණයක් විදිහට). පහල පින්තුරයෙන් මේක වඩා පැහැදිලි වෙයි.

Edited Photo

Edited Photo

පින්තුර සේව් කරන හැටි

හදා ගත්ත පින්තුරය සේව් කලේ නැත්තන් වැඩක් නෑ නේ! ඔය උඩ තියන මෙනු ඒකෙ File –> Save … ක්ලික් කලාම හරි! මේකේ සේව් කරන ඒකත් ක්‍රම කිහිපයකට කරන්ඩ පුළුවන්!

  1. පරිගණකයට බාගන්ඩ (download) පුළුවන්
  2. Facebook වලට කෙලින්ම දාන්ඩ පුළුවන්
  3. Picasa වලට කෙලින්ම දාන්ඩ පුළුවන්
  4. Flickr වලට කෙලින්ම දාන්ඩ පුළුවන්
  5. වෙනත් පින්තුර වෙබ්අඩවි වලට කෙලින්ම දාන්ඩ පුළුවන්

පහල පින්තුරය බැලුවොත් වැඩේ හොඳටම පැහැදිලි වෙයි.

Saving File

Saving image file

කොහොමද වැඩේ? මේක තමා මට අන්තර්ජාලය හරහා හම්බ උන හොඳම මාර්ගගත පින්තුර හදන සහ පින්තුර සංස්කරණය කරන මෘදුකාංගය! මේ මෘදුකාංගය ලක්ෂ ගානක පිරිසක් දැනටමත් පාවිච්චි කරනවා!

පොඩි උපදෙසක් (ටිප් එකක්)!

මේ මෘදුකාංගය පාවිච්චි කරනකොට View –> Fullscreen Mode කියන විධානය දුන්නොත් මුළු තිරය පුරාම මේ මෘදුකාංගය විවෘත වෙනවා. එතකොට දැනෙන්නේ හරියට පරිගණකයේ ස්ථාපනය (install) කරල තියන මෘදුකාංගයක් එක්ක වැඩ කරනවා කියල! ආයෙත් සාමාන්‍ය තිරයට යන්ඩ ඕනේ උනාම View –> Fullscreen Mode කියන විධානය දෙන්න.

කරුණු සොයා ගත්ත වෙබ් අඩවි

අවසානය

මේ ලිපිය මගේ අත්දැකීම් ඇතුව ලියපු එකක්. අවුරුදු කිහිපයක් මම පින්තුර සංස්කරණය ගැන උගන්වල තියනවා (තාමත් උගන්වනවා). SaaS ගැන හොයනකොට මට හම්බ උන හොඳ වෙබ්අඩවියක් තමා මම මේ ඔයාල එක්ක බෙදා ගත්තේ. මේක ඔයාලට වැදගත් උනානම්, ඔය ලිපිය පහල තියන බොත්තම් වලින් මගේ බ්ලොග් එකට LIKE එකක් දාල, VOTE කරල Like යාලුවෝ එක්ක Facebook  Facebook, Twitter Twitter, Google+ Google+ එහෙම බෙදා ගන්නත් (share) අමතක කරන්ඩ එපා හොඳේ! කැමති නම් ලිපිය ගැන අදහස් පල කරන්ඩ පහල තියන Comment box එක පාවිච්ච් කරන්ඩ. එහෙනම් තවත් වැදගත් තොරතුරු එක්ක ආයෙත් දවසක හම්බ වෙමු!

8 comments on “Adobe Photoshop වගේම ඉන්ටර්නෙට් ඒකෙ නිකන් දෙන ෆොටෝ හදන සයිට් එක …

ලිපිය ගැන යමක් කීවොත් සතුටුයි!