Internet ඒකෙ දිගට තියන වෙබ් ලිපින කොට කරන ක්‍රමයක්

කෙටි හැදින්වීමක්

ඔයාල වෙබ් ඒකෙ රවුම් ගහනකොට හම්බ වෙන සමහර ලස්සන වෙබ්අඩවි යාළුවන් එක්ක බෙදා ගන්නව නේද? එහෙම බෙදා ගන්නකොට අපිට යාළුවන්ට වෙබ්අඩවියට අයත් වෙබ් ලිපිනය දෙන්ඩ වෙනවා. සමහර වෙබ් ලිපින නම් හරිම ලේසියෙන් දෙන්ඩ පුළුවන්. මොකද ඒවා මතක තියා ගන්ඩ පහසු, ඒවගේම පොඩි වෙබ් ලිපින නිසා. අද මම ඔයාලට කියන්ඩ යන්නේ දිගට තියන, කාටවත් කියන්ඩ අමාරු වෙබ් ලිපින (ඒ කියන්නේ සංකේත එහෙම තියන ඒවා හොඳේ! කියන්ඩ ලජ්ජා හිතෙන ඒවා නෙමෙයි!) වෙබ් ලිපින කොට කර ගන්න ක්‍රමයක් ගැන. මේක කරල බැලුවට පස්සේ ඔයාලට තව අමතර වාසියකුත් ලැබෙනවා!

හදිස්සි කාරයන්ට

තනියම “අතගාල” වෙබ්අඩවිය බලන්ඩ කැමති අයට ඔන්න මම මුලින්ම ලින්ක් එක දානව. මෙන්න ලින්ක් එක ට්‍රයි කරල බලන්ඩ [Short Web Links] (එහෙම නැත්තන් මේ ලින්ක් එක කොපි/පෙස්ට් කරලත් පුළුවන් http://bitly.com/) හදිසියක් නැත්නම් මගේ බ්ලොග් එකේ ඉතුරු ටිකත් කියවලම වැඩේට බහින්ඩ. එතකොට හරියටම දන්නවා වගේම පොඩ්ඩක් හිතටත් ෆිට්නේ! මේ ලිපිය සහ වෙබ්අඩවිය හොඳ නම්, මගේ බ්ලොග් එකට VOTE Like කරල, පොඩි LIKE එකක්, COMMENT එකක්  එහෙම දාල, Facebook Facebook, Twitter Twitter, Google+ Google+ එකේ ඉන්න යාලුවෝ එක්ක බෙදා ගන්ඩත් අමතක කරන්ඩ එපා හොඳේ!

සම්පුර්ණ ලිපිය

Bitly කියන්නේ අපිට ඉන්ටෙර්නෙට් එකෙ තියන වෙබ් ලිපින කෙටි කරන්ඩ හදල සේවාවක් (තව ඒවා තියනවා හොඳේ!). මේ වෙබ් ලිපින කෙටි කරන එක විවිද දේවල් සඳහා ගොඩක් වැදගත්. එකට හේතු කිහිපයක් තියනවා. මම ඔය පහල දාල තියන්නේ මගේ ඔලුවට ආව පොඩි පොඩි හේතු ටිකක්. ඔයාලත් හිතල බැලුවොත් තව ඇති ගොඩක්!

  1. වෙබ් ලිපියන කෙටියෙන් මතක තියා ගන්ඩ පුළුවන් වීම
  2. ඉක්මනට යාලුවෝ එක්ක බෙදා ගන්න පුළුවන් වීම
  3. වෙබ් ලිපින SMS කරනකොට වැයවන මුදල අඩු වීම
  4. යාලුවෝ ලින්ක් එක බැලුවද නැද්ද කියල දැන ගන්න පුළුවන් වීම

උදාහරණයක් කරලම බලමුකෝ

අපි මේ කියන වැඩේ කරලම බලමුද? අපි කොට ලිපිනයක් හදන්ඩ යන්නේ http://www.arunalokaya.com කියන වෙබ් අඩවියට. අන්තර්ජාලය වටේ රවුමක් යනකොට මේක හම්බ උනේ. මේක ලංකාවේ ප්‍රවෘත්ති සිංහලෙන් කියවන්ඩ පුළුවන් වෙබ් අඩවියක්.

Arunalokaya Home Page

This is the home page of Arunalokaya website

මම දැන් මේ වෙබ්අඩවියට කොට කරපු වෙබ් ලිපිනයක් දෙන්ඩ යන්නේ. එතකොට ඉක්මනට SMS කරන්ඩත් පුළුවන්, ඉක්මනට යාලුවෝ එක්ක බෙදා ගන්නත් පුළුවන්. එහෙනම් අපි දැන් bitly වෙබ් අඩවියට යමු.

Bitly Home

This is the bitly.com home page

මේ අඩවියට ගියාම අපිට ලියාපදිංචි වෙන්ඩ වෙනවා! හැබැයි එහෙම නොවී වැඩේ කරන්ඩත් පුළුවන්. මම දැන් පෙන්නන්ඩ යන්නේ ලියාපදිංචි නොවී වැඩේ කරන හැටි. ඔය වෙබ්අඩවිය යට තියනවා පහල තියන විදිහේ Textbox එකකක්. අන්න එකේ ඇතුලේ ඔයාලට කොට කරන්ඩ ඕනේ වෙබ් ලිපිනය ටයිප් කරන්ඩ. ටයිප් කරලා ඉවර වෙලා ඔය තියන Shorten කියන බොත්තම ඔබන්ඩ. (ඔයාලට මේකට තමන් කැමති වෙබ් ලිපිනයක් දාල බලන්ඩ පුළුවන්)

Type web address

Type the web address and press “Shorten” button

දැන් ඔබට පහත පරිදි කෙටි උන වෙබ් ලිපිනයක් ලැබේවි (http://bit.ly/suXjAZ). අපේ වෙබ් ලිපිනය කොච්චර දිග උනත්, මේවගේ කෙටි උන වෙබ් ලිපිනයක් තමා  ලැබෙන්නේ.

Shorten Link

Here is the shorten link for http://www.arunalokaya.com

පොඩි ටිප් එකක්!

වෙබ් ලිපිනය කොට උනාට ඔය ඇවිල්ල තියන නමේ එච්චර තේරුමක් නෑ නේද? එකට හේතුව අපිට පළමුව ලැබෙන්නේ ඉබේම හැදෙන අකුරුවලින් සමන්විත උන වෙබ් ලිපිනයක්. අපිට ඕනේ නම් මේ ලිපිනය අපි කැමති විදිහට වෙනස් කරගන්ඩ පුළුවන්! හැබයි ඒකට නම් අපිට bitly.com වෙබ්අඩවිය තුල ලියාපදිංචි වෙන්ඩ වෙනවා. ලියාපදිංචි උනාම නම් වාසි ගොඩයි! පහල තියන්නේ ඒ වගේ වාසි කිහිපයක්.

  1. අපිට ඕනේ තරම් වෙබ් ලිපින කොට කරලා තියා ගන්න පුළුවන්
  2. මේ ලිපින වලට කී දෙනෙක් අපේ ලින්ක් එක හරහා ගියාද බලන්ඩ පුළුවන්
  3. මොන මොන රටවල් වලින් ආවද බලන්ඩ පුළුවන්
  4. ඉබේම එන ලිපිනය අපිට කැමති විදිහට වෙනස් කර ගන්ඩ පුළුවන්

පහල පින්තුර වලින් මේක පැහැදිලි වෙයි. ඔය දාල තියන්නේ මගේ bitly.com ගිණුමේ පින්තුර කිහිපයක්.

Crocodile Hunter in Sri Lanka

The link I created for “Crocodile Hunter in Sri Lanka” YouTube video

කි දෙනෙක් ඔයාගේ ලින්ක් ඒකෙන් ගියාද කියල බලන්නේ මෙහෙමයි …

Number of Bitly Clicks

Display the number of Bitly Clicks

එක එක ලින්ක් වලට ගිය හැටි …

 

Bitly Statistic

Another bitly Statistic

මේ වෙබ් අඩවියට ගිහින් ඔයාලට තව දේවල් හොයා ගන්න පුළුවන්. ට්‍රයි එකක් දීල බලල කියන්ඩකෝ මට කොහොමද කියල. පහලින් මම දාල තියන්නේ කොට කරගත්ත, හැබැයි මට ඕනේ විදිහට වෙනස් කර ගත්ත ලින්ක් එකක්.

කොට කර ගත්ත වෙබ් අඩවි කිහිපයක වෙබ් ලිපින

  1. මේක මගේම බ්ලොග් එකේ ලිපියකට ලින්ක් එකක්
    1. ප්‍රධාන වෙබ් අඩවිය – https://nishansaliya.wordpress.com/2012/08/12/con_folder/
    2. කොට කල වෙබ්අඩවි ලිපිනය – http://bit.ly/conFolder (මේ වෙබ් ලිපිනය මම වෙනස් කලා)
  2. මේක Steve Irwin ලංකාවට ඇවිල්ල කරපු වැඩසටහනක YouTube ලින්ක් එක (Steve Irwin කවුද කියල දන්නවා නේද? දන්නේ නැත්තන් ඔය පහල තියන ලින්ක් වලින් වීඩියෝ එක බලල දැන ගන්ඩ පුළුවන්)
    1. ප්‍රධාන වෙබ් අඩවිය – http://www.youtube.com/watch?v=p_ivYwI4QWU
    2. කොට කල වෙබ්අඩවි ලිපිනය – http://bit.ly/RlwGAo (මේ වෙබ් ලිපිනය මම වෙනස් නොකළ, bitly එකෙන්ම දුන්න ලිපිනය)

කරුණු සොයා ගත්ත වෙබ් අඩවි

අවසානය

මේ ලිපිය මගේ අත්දැකීම් ඇතුව ලියපු එකක්. මම මේ සේවාව මගේ පෞද්ගලික වැඩ වලට වගේම රාජකාරි වැඩ වලටත් යොදා ගන්නවා. මට හම්බ උන හොඳ, ඒ වගේම වැදගත් වෙබ්අඩවියක් තමා මම මේ ඔයාල එක්ක බෙදා ගත්තේ. මේක ඔයාලට වැදගත් උනානම්, ඔය ලිපිය පහල තියන බොත්තම් වලින් මගේ බ්ලොග් එකට LIKE එකක් දාල, VOTE කරල Like යාලුවෝ එක්ක Facebook  Facebook, Twitter Twitter, Google+ Google+ එහෙම බෙදා ගන්නත් (share) අමතක කරන්ඩ එපා හොඳේ! කැමති නම් ලිපිය ගැන අදහස් පල කරන්ඩ පහල තියන Comment box එක පාවිච්ච් කරන්ඩ. එහෙනම් තවත් වැදගත් තොරතුරු එක්ක ආයෙත් දවසක හම්බ වෙමු!

Advertisements

ලිපිය ගැන යමක් කීවොත් සතුටුයි!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )