Windows පද්ධති වල GOD MODE හදා ගන්න හැටි [GodMode]

කෙටි හැදින්වීමක්

ඔයාල අහල තියනවද Windows පද්ධති වල තියන GodMode එක ගැන? මේක ඇවිල්ලා Windows පරිගණක පද්ධති වල පාලන පැනලය තුල තියන සියලුම පාලන කට්ටල අංග (Control Panel Settings) එක තැනකින් බලාගන්ඩ සහ වෙනස් කරන්ඩ පුළුවන් විදිහක්! මේ ක්‍රමයේදී ඔයාල දන්න කියන පාලන කට්ටල වගේම, කවදාවත් දැකල නැතුව හැංගිලා තිබ්බ පාලන කට්ටලත් බලා ගන්ඩ සහ වෙනස් කර ගන්ඩ පුළුවන්! එහෙනම් ලිපිය ඔක්කොම කියවල බලන්ඩකො වැඩේ කොහොමද කියලා. ඕනේ නම් ඔයාලගේ යාලුවෝ ඉස්සරහ මේ කියන GodeMode එක හදල පොඩි වැඩ කෑල්ලක් දාන්ඩත් පුළුවන් වෙයි … ;-)

සම්පුර්ණ ලිපිය

ඔයාලගේ සාමාන්‍ය Windows පාලන කට්ටලය තුල තියන්නේ මේ පහල තියන පින්තුරයේ වගේ අංග නේද? මේ අංග පොඩි අයිකන වලින් බැලුවොත් අංග 52 පමණ බලාගන්ඩ පුළුවන් (මේ බ්ලොග් එක මම ලියන්නේ Windows 7 පද්ධතියක් භාවිතා කරලා). සමහර අංග මේකේ කවදවත් පෙන්නේ නෑ! ඒවා තියන ස්ථාන වෙනස්, එහෙම නැත්තන් ඒවා සාමාන්‍ය පරිගණක පරිශීලකයන්ට හොයා ගන්ඩ බැරි වෙන්ඩ හංගල තියන්නේ! GodMode දැම්මට පස්සේ එකම Window එකෙන් පාලන කට්ටල 280 විතර බලන්ඩ පුළුවන් වගේම ඒවා වෙනස් කරන්ඩත් පුළුවන්! පහල තියන පින්තුරය සාමාන්‍ය පාලන පද්ධතියේ පින්තුරයක්.

Normal Control Panel

This is the normal Control Panel under Windows 7 Ultimate

Category View එක නැතුව Small Icons දැම්මට පස්සේ මෙහෙම පේනවා (තව පොඩ්ඩක් වැඩිපුර පාලන කට්ටල අංග (Control Panel Settings) පෙන්නනවා). මේකෙදි අපිට අංග 52 විතර බලන්ඩ පුළුවන්.

Normal Control Panel Expanded

This is the same Control Panel with “Small Icons” view

GodMode දාල බලමු

දැන් අපි වැඩේට බහින්න යන්නේ! GodMode හදනකොට තමන්ගේ පරිගණක පද්ධතියට අදාළ කේතය පහල ලැයිස්තුවෙන් හරියට තෝරාගෙන කරන්න ඕනේ හොඳේ! උදාහරණයක් විදිහට Windows XP වල කේතය Windows 7 වලට වැඩ කරන්නේ නෑ! GodMode දැම්මට පස්සේ මෙහෙම තමා පෙන්නේ! මේක ඇතුලේ Windows පාලන කට්ටල අංග 280 විතර තියනවා. ඒවා මගින් පද්දතියේ විවිද වෙනස් කම් කරන්නත් පුළුවන්!

සැලකිය යුතුයි : මේ සමහර දේවල් වෙනස් කරන්ඩ නම් ඔයාගේ User Account එක Administrator බලතල තියෙන්න ඕනේ හොඳේ!

GodMode View

This is the GodMode view under Windows 7 Ultimate

හරි, දැන් වැඩේ දැක්කනේ. දැන් අපි වැඩේ කරලම බලමු කොහොමද කියලා!

Windows 7 වලට God Mode ෆෝල්ඩර් එක දාන හැටි

පහල දීල තියන පිළිවෙලට වැඩේ කලා නම් හරි!

  1. ඔයාල කැමති තැනක අලුත් ෆෝල්ඩර් එකක් හදන්ඩ (Desktop එකේ හදල බලන්නකෝ)
  2. ඊට පස්සේ ඒ ෆෝල්ඩර් එකේ නම වෙනස් කරන්ඩ පහල තියන විදිහට
  3. GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}
  4. දැන් ලැබෙන ෆෝල්ඩර් එක ක්ලික් කරලා විවෘත කරලා බලන්න!
    1. ඔය ටයිප් කරල තියන GodMode වෙනුවට වෙන් නමක් උනත් දාන්ඩ පුළුවන්. හැබැයි අනික් ටික නම් හරියටම තියෙන්ඩ ඕනේ හොඳේ
    2. උදාහරණයක් විදිහට My Ultra Panel.{ED7BA470-8E54-465E-825C-99712043E01C} කියලා දැම්මට කිසිම අවුලක් නෑ!
  5. වැඩේ පැටලුනා වගේ නම් පහල පින්තුරය බලන්න. පහල තියන්නේ ඔය අවස්ථා 3 වෙන වෙනම පෙන්නලා
Basic Steps

These are the basic steps to rename the folder!

Windows Vista වලට God Mode ෆෝල්ඩර් එක දාන හැටි

පහල දීල තියන පිළිවෙලට වැඩේ කලා නම් හරි!

  1. ඔයාල කැමති තැනක අලුත් ෆෝල්ඩර් එකක් හදන්ඩ (Desktop එකේ හදල බලන්නකෝ)
  2. ඊට පස්සේ ඒ ෆෝල්ඩර් එකේ නම වෙනස් කරන්ඩ පහල තියන විදිහට
  3. GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}
  4. දැන් ලැබෙන ෆෝල්ඩර් එක ක්ලික් කරලා විවෘත කරලා බලන්න!

Windows XP වලට God Mode ෆෝල්ඩර් එක දාන හැටි

පහල දීල තියන පිළිවෙලට වැඩේ කලා නම් හරි!

  1. ඔයාල කැමති තැනක අලුත් ෆෝල්ඩර් එකක් හදන්ඩ (Desktop එකේ හදල බලන්නකෝ)
  2. ඊට පස්සේ ඒ ෆෝල්ඩර් එකේ නම වෙනස් කරන්ඩ පහල තියන විදිහට
  3. GodMode.{21ec2020-3aea-1069-a2dd-08002b30309d}
  4. දැන් ලැබෙන ෆෝල්ඩර් එක ක්ලික් කරලා විවෘත කරලා බලන්න!

ඔබේ දැනුමට පොඩි දෙයක්

මේක GodMode කියලා ගොඩක් අය පාවිච්ච් කලාට මේක ඇත්තටම Windows පද්ධති වල “ප්‍රධාන පාලන පැනලය” (Master Control Panel) විවෘත කරන ක්‍රමය. මේක සාමාන්‍යයෙන් හැංගිලා තමා තියන්නේ! ඔන්‍න‍ මේක Microsoft ආයතනයට ඒකට වැරදිලා එහෙම නෙමේ හොඳේ!

කරුණු සොයා ගත්ත වෙබ් අඩවි

අවසානය

මේ ලිපිය මගේ අත්දැකීම් ඇතුව ලියපු එකක්. මම මේ වැඩේ කරලා බලල තියන්නේ Windows XP (කාලෙකට කලින්) සහ Windows 7 වල විතරයි. ඊයේ පෙරේදා යාලුවෙක් මේක ආපහු මතක් කලාම මට හම්බ උන හොඳ වෙබ්අඩවියකින් නැවත උපුටාගෙන තමා මම මේ ලිපිය ඔයාල එක්ක බෙදා ගත්තේ. (උපුටා ගත්ත වෙබ්අඩවිය දාල තියන්නේ හොඳේ!) මේක ඔයාලට වැදගත් උනානම්, මේ ලිපිය පහල තියන බොත්තම් වලින් මගේ බ්ලොග් එකට LIKE එකක් දාල, VOTE කරල Like යාලුවෝ එක්ක Facebook  Facebook, Twitter Twitter, Google+ Google+ එහෙම බෙදා ගන්නත් (share) අමතක කරන්ඩ එපා හොඳේ! කැමති නම් ලිපිය ගැන අදහස් පල කරන්ඩ පහල තියන Comment box එක පාවිච්ච් කරන්ඩ. ලිපිය ගැන යමක් කීවොත් සතුටුයි! එහෙනම් තවත් වැදගත් තොරතුරු එක්ක ආයෙත් දවසක හම්බ වෙමු!

Advertisements

2 comments on “Windows පද්ධති වල GOD MODE හදා ගන්න හැටි [GodMode]

ලිපිය ගැන යමක් කීවොත් සතුටුයි!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )