Internet එකේ තමන්ටම කියල Business Card එකක් හදා ගන්ඩ කැමතිද?

කෙටි හැදින්වීමක්

ඔයාල අහල තියනවනෙද Business Cards එහෙම නැත්තන් Visiting Cards ගැන! (ගොන් ප්‍රශ්නයක් නේද ඇහුවේ?) මේ කාර්ඩ් අපි ව්‍යාපාරික වැඩ වලට නිතරම පාවිච්චි කරනවා. මේවා වලින් අපි කවුද, මොනවද කරන්නේ කියන එක ගැන අනික් අයට කියන්ඩ පුළුවන්. කොටින්ම කියනවා නම්, මේ Business Cards වලින් අපි ගැන කෙටි සහ ඉක්මන් හැදින්වීමක් අනික් අයට ලැබෙනවා. අද මම ඔයාලට කියන්ඩ යන්නේ අන්තර්ජාලය තුලින් හදා ගන්ඩ පුළුවන් Business Card එකක් ගැන! මේක  ඔයාලට අලුත් වගේම හරිම වෙනස් අත්දැකීමක් වේවි!

සම්පුර්ණ ලිපිය

නිකන්ම නිකන් ව්‍යාපාරික කාර්ඩ්පත් පාවිච්චි කරනවට වැඩිය, අන්තර්ජාලය හරහා පාවිච්චි කරන්ඩ පුළුවන් ව්‍යාපාරික කාර්ඩ්පත් වලට වැඩි බලයක් තියනවා! හේතුව, අපිට අපේ තොරතුරු ඉක්මනට වගේම වැඩි පිරිසකට ප්‍රචාරය කරන්න පුළුවන් වීම! මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ මේ විදිහට හදල අන්තර්ජාලය තුලින් ප්‍රචලිත කරපු ව්‍යාපාරික කාර්ඩ්පත් කීපයක් ගැන! මේවා හැදුවට පස්සේ පෙන්නේ කොහොමද කියල බලන්ඩ ඔන්න මම පොඩි පින්තුර දෙක තුනක් දාල තියනවා.

about.me Page

මේ තියන්නේ about.me වෙබ්අඩවියේ මුල් පිටුව

මම මේ පහලින් දාල තියන්නේ මේ වෙබ්අඩවිය තුලින් පිටු හදා ගත්තා සමහර පුද්ගලයන් ගැන. මේ කාර්ඩ් වල ඉන්න සමහර පුද්ගලයෝ ගැන ඔයාල දන්නවත් ඇති! (දන්නෙම නැත්තන් ඉතින් ගූගලේ පිහිට තමා!)

Some Profiles

මේ වෙබ්අඩවිය තුල තිබෙනේ පුද්ගල පිටු කිහිපයක්

මේ පින්තුර වල පොඩියට පෙනුනට ඇත්තටම අපිට ලැබෙන්නේ ලොකු වෙබ් පිටුවක්! හැබයි ඉතාම සරල, අවශ්‍ය කරුණු විතරක් තියන, වෙබ් පිටුවක්! මේ සේවාවේ අමතර වාසි කිහිපයක් තියනවා.

මෙහි වාසි කිහිපයක්

  1. ඉතා ඉක්මනින් ඔබේ තොරතුරු සහිත පිටුව සකස් කල හැකි වීම
  2. මෙම පිටුවට ඔබේ වෙනත් සම්බන්දතාවයන් ලබාදිය හැකි වීම
    1. උදාහරණ ලෙස Facebook, Twitter, Google+ වැනි සේවා …
  3. ඉතා අඩු මුදලකට ඔබට සත්‍ය ලෙසම මුද්‍රණය කල ව්‍යාපාරික කාර්ඩ් පත් ලබාගත හැකි වීම
  4. ඔබගේ මෙම පිටුව ඉක්මණින් ප්‍රචලිත කල හැකි වීම
  5. ඔබේ විද්‍යුත් ලිපිනයට මේ අඩවිය එක් කල හැකි වීම

පිටුවක් හදලම බලමු

පළමුව ඔයාල මේ වෙබ් අඩවියට පිවිසෙන්න ඕනේ. ඒකට මේ ලින්ක් එකට http://about.me/ යන්න ඕන. මේ පිටුවට ගියහම ඔයාලට මේ සේවාව ලබා ගන්න වෙබ්අඩවිය සමග ලියාපදිංචි වෙන්ඩ ඔන. පහලින් දක්වල තියන්නේ ලියාපදිංචි වෙන විදිහ. ඔයාලට අදාළ, ඔයාලගේ විස්තර දාල ඔයාලට මේකට ලියාපදිංචි වෙන්න පුළුවන්.

වෙබ්අඩවිය සමග ලියාපදිංචි වීම

ඔබගේ නියම තොරතුරු ලබාදී මෙම වෙබ්අඩවිය තුල ලියාපදිංචි වන්න

වෙබ්අඩවිය තුල ඔබ නියම විදිහට ලියාපදිංචි උන පසු ඔබට කැමති ලෙස මෙම අඩවිය තුල ඔබේ ඔබේ තොරතුරු සටහන් කල හැක. අවශ්‍ය නම් ඔබට කැමති පින්තූරද එක් කල හැක. මෙම අඩවිය ඔබට Facebook, Google+, Twitter වැනි ප්‍රසිද්ධ සමාජ ජාල සමග සම්බන්ධ කරන්නත් පුළුවන්. ඒවගේම මේ පිටුව ඔයාලට බ්ලොග් ඒකට සහ වෙබ් අඩවි වලටත් සම්බන්ධ කරන්න පුළුවන්. වැඩිම උනොත් මේ වැඩේට විනාඩි 10 විතර යයි!

මගේ පුද්ගලික about.me පිටුව තමා ඔයාලට මගේ බ්ලොග් ඒකට ආවම උඩින්ම දකුණු පැත්තේ පෙනෙන්න තියන්නේ. මම පහල දාල තියෙන්නෙත් එකේ පින්තුරයක්!

නිශාන් සාලියගේ about.me පිටුව

නිශාන් සාලියගේ about.me පිටුව

සත්‍ය ලෙස මුද්‍රණය කල කාර්ඩ් පත් ලබා ගැනීම

මේ වෙබ්අඩවිය මගින් ඔබට සත්‍ය ලෙස මුද්‍රණය කල කාර්ඩ් පත් ලබා ගැනීමට අවස්ථාවක් දෙනවා! මේ ලිපිය ලියන දවස (2012-සැප්-02) වෙනකොට නම් මුද්‍රණය කල කාර්ඩ් $5.50 ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. (ඔන්‍න‍ මම නම් ගෙන්න ගෙන නෑ … කැමති අයට තමා කීව්වේ)

About.me කාර්ඩ් පත්

About.me කාර්ඩ් පත්

කරුණු සොයා ගත්ත වෙබ් අඩවි

  • මගේ පුද්ගලික about.me පිටුව – http://bit.ly/about-nishan
  • ප්‍රධාන වෙබ්අඩවිය – http://about.me/
  • නොමිලේ ලැබෙන කාර්ඩ් පත් සඳහා – http://about.me/offers/cards
    • ඉහත ලින්ක් එක සඳහා සියලු කොන්දේසි කියවා ඇතුලත් වන්න! මොකද මේකට ඔයාලට සල්ලි දෙන්ඩ වෙනවා!
  • කරුණු දැක්වීම සදහා ගත් සහය වෙබ්අඩවිය – http://en.wikipedia.org/wiki/About.me

අවසානය

මේ ලිපිය මගේ අත්දැකීම් ඇතුව ලියපු එකක්. මම මේ බ්ලොග් එකේ පාලන කට්ටල (Control Settings) එක්ක වැඩ කර ඉන්නකොට දැක්ක එක අංගයක් තමා මාව මේ වෙබ්අඩවියට යොමු කලේ. පස්සේ මේ ගැන විස්තර බලල, මමත් එකක් හදල තමා මේ ඔයාලට කියන්නේ. (උපුටා ගත්ත වෙබ්අඩවි ඔක්කොම දාල තියන්නේ හොඳේ!) මේක ඔයාලට වැදගත් උනානම්, මේ ලිපිය පහල තියන බොත්තම් වලින් මගේ බ්ලොග් එකට LIKE එකක් දාල, VOTE කරල Like යාලුවෝ එක්ක Facebook  Facebook, Twitter Twitter, Google+ Google+ එහෙම බෙදා ගන්නත් (share) අමතක කරන්ඩ එපා හොඳේ! කැමති නම් ලිපිය ගැන අදහස් පල කරන්ඩ පහල තියන Comment box එක පාවිච්ච් කරන්ඩ. ලිපිය ගැන යමක් කීවොත් සතුටුයි! එහෙනම් තවත් වැදගත් තොරතුරු එක්ක ආයෙත් දවසක හම්බ වෙමු!

Advertisements

ලිපිය ගැන යමක් කීවොත් සතුටුයි!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )