දන්නවද මොකක්ද මේ Lorem ipsum කියන්නේ කියල?

කෙටි හැදින්වීමක්

ඔයාල අහල තියනවනෙද Lorem ipsum කියන එක ගැන? ගොඩක් අය මේක ගැන අහල නෑ! අද මම ඔයාලට කියන්ඩ යන්නේ මොකද්ද මේ අමුතු වචනය කියල. මේක ගොඩක්ම භාවිතා වෙන්නේ පිටු සකසන වැඩසටන් එක්ක. මේ ලිපිය කියවලම බලන්ඩ කෝ! මේක  ඔයාලට අලුත් දෙයක් වේවි!

සම්පුර්ණ ලිපිය

පිටු සකසන වැඩ වලදී අපිට නිතරම ඕනේ වෙනවා උදාහරණ ලෙස අකුරු හෝ වාක්‍ය දාල බලන්න. විශේෂයෙන්ම වෙබ්අඩවි හදනකොට නියම වෙබ් පිටුව හදන්ඩ කලින් නියම තොරතුරු වෙනුවට නිකන්ම නිකන් වාක්‍ය දාල බලන්න ඕනේ වෙනවා. පිටු සකසනකොට නිකන්ම නිකන් වාක්‍ය දාල බලන්න වෙනවා පිටුව හරියට ලස්සනට පේනවද බලන්න. මේ වැඩේට හොඳම දේ අපි නිකන්ම නිකන් වාක්‍ය ටයිප් කරන එක. (වැඩි දෙනෙක් කරන්නේ මෙහෙම තමා). හැබැයි අපිට Lorem ipsum එකක් දා ගත්තම වැඩේ ලෙසියි! පහල පින්තුරේ පෙන්නේ එහෙම දාපු එකක් තමා.

lorem ipsum වාක්‍යක්

මේ ඔයාලට පෙන්නේ lorem ipsum වාක්‍යක්

මේ වාක්‍ය පාවිච්ච් කරන්නේ ඇයි?

දැන් ඔයාලට හිතෙනවා ඇති කිසිම තේරුමක් නැති මේ වාක්‍ය පාවිච්චියට ගන්නේ ඇයි කියල! ඒකට හේතු කිහිපයක් තියනවා.

  • Lorem ipsum වලින් වෙන්නේ හරිම තේරුමක් නැති වාක්‍ය ඉබේම ගොඩ නැගෙන එක
    • තේරුමක් නැතුවම නොවෙයි. මේ අකුරු මාරු කරපු ලතින් වාක්‍ය වගයක්! වැඩි විස්තර මම දීල තියන ලින්ක් වලින් බලන්නකෝ
  • වෙබ්අඩවියක හෝ පිටුවක සැලැස්ම (Layout) පෙන්වන්න ඕනේ වෙලාවට මේක පාවිච්චි කරන්න පුළුවන්
    • නැත්තන් සැලැස්ම පෙන්නන වෙලාවට මිනිස්සු ලියල තියන්නේ මොනවද කියල කියවනවා මිසක් සැලැස්මට අවධානය යොදන්නේ නෑ!

කතා ඇති! වැඩේ කරල බලමු!

මේ වැඩේ MS Word 2007/2010 වල මෙහෙම කරල බලන්න පුළුවන්

  1. අලුත් MS Word 2007 හෝ MS Word 2010 පිටුවක් විවෘත කරන්න
  2. මෙම විධානය ටයිප් =lorem() කර Enter යතුර ඔබන්න
  3. පේනවද Lorem ipsum වාක්‍ය හැදෙනවා?

අමතර විධාන

මිට අමතරව මේ විධානය මෙහෙමත් දෙන්ඩ පුළුවන්.

  1. =lorem(1)

    1. මෙහෙම දුන්නම එක පරිච්ඡේදයක් විතරක් හැදෙනවා
  2. =lorem(5)

    1. මෙහෙම දුන්නම පරිච්ඡේද 5 හැදෙනවා
  3. =lorem(6,3)

    1. මෙහෙම දුන්නම පරිච්ඡේද 6 හැදෙනවා. එක පරිච්ඡේදයක් තුල වාක්‍ය 3 බැගින් තියනවා

අමතර කරුණු

මෙම විශේෂාංගය OpenOffice.org Writer සහ LibreOffice Writer කියන වෙනත් ජනප්‍රිය වදන් සකසන මෘදුකාංග වලත් තියනවා. හැබැයි මේවට Lorem ipsum දාන්න නොමිලේ දෙන පොඩි දිගුවක් (Extension) දාගන්න වෙනවා. වෙනත් මෘදුකාංග වලත් මේ සඳහා සුදුසු ලෙස පහසුකම් සපයල තියනවා.

කරුණු සොයා ගත්ත වෙබ් අඩවි

අවසානය

මේ වැඩේ ගැන මම හොයන්ඩ පටන් ගත්තේ MS Word 2010 හින්ද නෙමෙයි! CorelDraw X6 වල මේක අංගයක් විදිහට ඇතුලත් කරලා තියන හින්ද! MS Word 2010 ඕක පුළුවන් බව මම දැන ගත්තේ අහම්බෙන්! පස්සේ මේ ගැන විස්තර බලල, මමත් කරලා බලල තමා මේ ඔයාලට කියන්නේ. (උපුටා ගත්ත වෙබ්අඩවි ඔක්කොම දාල තියන්නේ හොඳේ!) මේක ඔයාලට වැදගත් උනානම්, මේ ලිපිය පහල තියන බොත්තම් වලින් මගේ බ්ලොග් එකට LIKE එකක් දාල, VOTE කරල Like යාලුවෝ එක්ක Facebook  Facebook, Twitter Twitter, Google+ Google+ එහෙම බෙදා ගන්නත් (share) අමතක කරන්ඩ එපා හොඳේ! කැමති නම් ලිපිය ගැන අදහස් පල කරන්ඩ පහල තියන Comment box එක පාවිච්ච් කරන්ඩ. ලිපිය ගැන යමක් කීවොත් සතුටුයි! එහෙනම් තවත් වැදගත් තොරතුරු එක්ක ආයෙත් දවසක හම්බ වෙමු!

4 comments on “දන්නවද මොකක්ද මේ Lorem ipsum කියන්නේ කියල?

ලිපිය ගැන යමක් කීවොත් සතුටුයි!