දන්නවද මොකක්ද මේ Lorem ipsum කියන්නේ කියල?


කෙටි හැදින්වීමක්

ඔයාල අහල තියනවනෙද Lorem ipsum කියන එක ගැන? ගොඩක් අය මේක ගැන අහල නෑ! අද මම ඔයාලට කියන්ඩ යන්නේ මොකද්ද මේ අමුතු වචනය කියල. මේක ගොඩක්ම භාවිතා වෙන්නේ පිටු සකසන වැඩසටන් එක්ක. මේ ලිපිය කියවලම බලන්ඩ කෝ! මේක  ඔයාලට අලුත් දෙයක් වේවි!

සම්පුර්ණ ලිපිය

පිටු සකසන වැඩ වලදී අපිට නිතරම ඕනේ වෙනවා උදාහරණ ලෙස අකුරු හෝ වාක්‍ය දාල බලන්න. විශේෂයෙන්ම වෙබ්අඩවි හදනකොට නියම වෙබ් පිටුව හදන්ඩ කලින් නියම තොරතුරු වෙනුවට නිකන්ම නිකන් වාක්‍ය දාල බලන්න ඕනේ වෙනවා. පිටු සකසනකොට නිකන්ම නිකන් වාක්‍ය දාල බලන්න වෙනවා පිටුව හරියට ලස්සනට පේනවද බලන්න. මේ වැඩේට හොඳම දේ අපි නිකන්ම නිකන් වාක්‍ය ටයිප් කරන එක. (වැඩි දෙනෙක් කරන්නේ මෙහෙම තමා). දිගටම කියවන්න

Advertisements

Windows පද්ධති වල GOD MODE හදා ගන්න හැටි [GodMode]


කෙටි හැදින්වීමක්

ඔයාල අහල තියනවද Windows පද්ධති වල තියන GodMode එක ගැන? මේක ඇවිල්ලා Windows පරිගණක පද්ධති වල පාලන පැනලය තුල තියන සියලුම පාලන කට්ටල අංග (Control Panel Settings) එක තැනකින් බලාගන්ඩ සහ වෙනස් කරන්ඩ පුළුවන් විදිහක්! මේ ක්‍රමයේදී ඔයාල දන්න කියන පාලන කට්ටල වගේම, කවදාවත් දැකල නැතුව හැංගිලා තිබ්බ පාලන කට්ටලත් බලා ගන්ඩ සහ වෙනස් කර ගන්ඩ පුළුවන්! එහෙනම් ලිපිය ඔක්කොම කියවල බලන්ඩකො වැඩේ කොහොමද කියලා. ඕනේ නම් ඔයාලගේ යාලුවෝ ඉස්සරහ මේ කියන GodeMode එක හදල පොඩි වැඩ කෑල්ලක් දාන්ඩත් පුළුවන් වෙයි … ;-)

සම්පුර්ණ ලිපිය

ඔයාලගේ සාමාන්‍ය Windows පාලන කට්ටලය තුල තියන්නේ මේ පහල තියන පින්තුරයේ වගේ අංග නේද? මේ අංග පොඩි අයිකන වලින් බැලුවොත් අංග 52 පමණ බලාගන්ඩ පුළුවන් (මේ බ්ලොග් එක මම ලියන්නේ Windows 7 පද්ධතියක් භාවිතා කරලා). සමහර අංග මේකේ කවදවත් පෙන්නේ නෑ! ඒවා තියන ස්ථාන වෙනස්, එහෙම නැත්තන් ඒවා සාමාන්‍ය පරිගණක පරිශීලකයන්ට හොයා ගන්ඩ බැරි වෙන්ඩ හංගල තියන්නේ! දිගටම කියවන්න

Internet ඒකෙ දිගට තියන වෙබ් ලිපින කොට කරන ක්‍රමයක්


කෙටි හැදින්වීමක්

ඔයාල වෙබ් ඒකෙ රවුම් ගහනකොට හම්බ වෙන සමහර ලස්සන වෙබ්අඩවි යාළුවන් එක්ක බෙදා ගන්නව නේද? එහෙම බෙදා ගන්නකොට අපිට යාළුවන්ට වෙබ්අඩවියට අයත් වෙබ් ලිපිනය දෙන්ඩ වෙනවා. සමහර වෙබ් ලිපින නම් හරිම ලේසියෙන් දෙන්ඩ පුළුවන්. මොකද ඒවා මතක තියා ගන්ඩ පහසු, ඒවගේම පොඩි වෙබ් ලිපින නිසා. අද මම ඔයාලට කියන්ඩ යන්නේ දිගට තියන, කාටවත් කියන්ඩ අමාරු වෙබ් ලිපින (ඒ කියන්නේ සංකේත එහෙම තියන ඒවා හොඳේ! කියන්ඩ ලජ්ජා හිතෙන ඒවා නෙමෙයි!) වෙබ් ලිපින කොට කර ගන්න ක්‍රමයක් ගැන. මේක කරල බැලුවට පස්සේ ඔයාලට තව අමතර වාසියකුත් ලැබෙනවා!

හදිස්සි කාරයන්ට

තනියම “අතගාල” වෙබ්අඩවිය බලන්ඩ කැමති අයට ඔන්න මම මුලින්ම ලින්ක් එක දානව. මෙන්න ලින්ක් එක ට්‍රයි කරල බලන්ඩ [Short Web Links] (එහෙම නැත්තන් මේ ලින්ක් එක කොපි/පෙස්ට් කරලත් පුළුවන් http://bitly.com/) හදිසියක් නැත්නම් මගේ බ්ලොග් එකේ ඉතුරු ටිකත් කියවලම වැඩේට බහින්ඩ. එතකොට හරියටම දන්නවා වගේම පොඩ්ඩක් හිතටත් ෆිට්නේ! මේ ලිපිය සහ වෙබ්අඩවිය හොඳ නම්, මගේ බ්ලොග් එකට VOTE Like කරල, පොඩි LIKE එකක්, COMMENT එකක්  එහෙම දාල, Facebook Facebook, Twitter Twitter, Google+ Google+ එකේ ඉන්න යාලුවෝ එක්ක බෙදා ගන්ඩත් අමතක කරන්ඩ එපා හොඳේ!

සම්පුර්ණ ලිපිය

Bitly කියන්නේ අපිට ඉන්ටෙර්නෙට් එකෙ තියන වෙබ් ලිපින කෙටි කරන්ඩ හදල සේවාවක් (තව ඒවා තියනවා හොඳේ!). මේ වෙබ් ලිපින කෙටි කරන එක විවිද දේවල් සඳහා ගොඩක් වැදගත්. එකට හේතු කිහිපයක් තියනවා. මම ඔය පහල දාල තියන්නේ මගේ ඔලුවට ආව පොඩි පොඩි හේතු ටිකක්. දිගටම කියවන්න

කාටවත් හදන්ඩ බැරි CON ෆෝල්ඩර් එක හදලම බලමුද? [CON folder creation]


කෙටි හැදින්වීමක්

ඔයාල අහල තියනවද Windows පද්ධති වල හදන්න බැරි ෆෝල්ඩර් එකේ නම CON කියල? මේක නම් ඇත්ත … (හැබයි බාගෙට ඇත්ත). අද මම ඔයාලට කියන්ඩ යන්නේ මේ අරුම පුදුම ෆෝල්ඩර් එක ගැන! හැබයි ලිපිය කියවල ඉවර උනාට පස්සේ නම් පුදුම වෙන්ඩ දෙයක් නෑ … ඕනේ නම් ඔයාලගේ යාලුවෝ ඉස්සරහ මේ බෑ කියන ෆෝල්ඩර් හදල පොඩි වැඩ කෑල්ලක් දාන්ඩත් පුළුවන් වෙයි … 😉

සම්පුර්ණ ලිපිය

මේ නමින් ෆෝල්ඩර් සහ ෆයිල් හදන්න බැරි හේතුව ඒවා ඩිවයිස් වලට වෙන් කරපු වචන වීමයි. DOS පද්දතිය පටන් ගත්ත කාලේ ඉඳල මේ වචන සාමාන්‍ය බාවිතයෙන් අයින් කරල තිබ්බේ. තාමත් මේ වචන පාවිච්චියට ගන්න බෑ! මේ වචන වෙන් කරල තියන්නේ මේ විදිහට.

දිගටම කියවන්න