කාටවත් හදන්ඩ බැරි CON ෆෝල්ඩර් එක හදලම බලමුද? [CON folder creation]


කෙටි හැදින්වීමක්

ඔයාල අහල තියනවද Windows පද්ධති වල හදන්න බැරි ෆෝල්ඩර් එකේ නම CON කියල? මේක නම් ඇත්ත … (හැබයි බාගෙට ඇත්ත). අද මම ඔයාලට කියන්ඩ යන්නේ මේ අරුම පුදුම ෆෝල්ඩර් එක ගැන! හැබයි ලිපිය කියවල ඉවර උනාට පස්සේ නම් පුදුම වෙන්ඩ දෙයක් නෑ … ඕනේ නම් ඔයාලගේ යාලුවෝ ඉස්සරහ මේ බෑ කියන ෆෝල්ඩර් හදල පොඩි වැඩ කෑල්ලක් දාන්ඩත් පුළුවන් වෙයි … 😉

සම්පුර්ණ ලිපිය

මේ නමින් ෆෝල්ඩර් සහ ෆයිල් හදන්න බැරි හේතුව ඒවා ඩිවයිස් වලට වෙන් කරපු වචන වීමයි. DOS පද්දතිය පටන් ගත්ත කාලේ ඉඳල මේ වචන සාමාන්‍ය බාවිතයෙන් අයින් කරල තිබ්බේ. තාමත් මේ වචන පාවිච්චියට ගන්න බෑ! මේ වචන වෙන් කරල තියන්නේ මේ විදිහට.

දිගටම කියවන්න

Advertisements

ඔයාලටත් ඉන්ටෙර්නෙට් එකෙන් නොමිලේ ඉඩක්! [Dropbox]


කෙටි හැදින්වීමක්

ඔයාලගේ කොම්පුටෙර් දෘඩ තැටියේ ඉඩ ඔයාල පාවිච්චි කරනවා නේද ෆෝල්ඩර් හදන්ඩ, ෆයිල් හදන්ඩ? ඔයාලත් කැමතිද ඉන්ටෙර්නෙට් එකෙන් නොමිලේ දෙන ඉඩක් ඒවගේ පාවිච්චි කරන්ඩ? මේ වැඩේ කරන්ඩ දැන් ගොඩක් වෙබ්අඩවි තියනවා. මම ඔයාලට අද කියන්ඩ යන්නේ ඒ වගේ පාවිච්ච් කරන්ඩ පුළුවන් හරිම සරල වෙබ්අඩවියක් ගැන. මේ වෙබ්අඩවියෙ ඔයාලට නොමිලේ රෙජිස්ටර් වෙන්ඩ පුළුවන්. පලවෙනි පාරට ඔයාලට 2 GB නොමිලේ ලැබෙනවා. ඊට පස්සේ පොඩ්ඩ් පොඩ්ඩ් ඉඩ වැඩි කරගන්ඩ පුළුවන්.

හදිස්සි කාරයන්ට

නොමිලේ Dropbox ගිණුමක් හදා ගෙන තනියම “අතගාල” වෙබ්අඩවිය බලන්ඩ කැමති අයට මෙන්න ලින්ක් එකකක් Create Dropbox account now (එහෙම නැත්තන් මේ ලින්ක් එක කොපි/පෙස්ට් කරලත් පුළුවන් http://db.tt/f1pCzQw3)

සම්පුර්ණ ලිපිය

Dropbox කියන්නේ අපිට ඉන්ටෙර්නෙට් එකෙන් නොමිලේ ඉඩ ලබාදෙන තැනක්. හැබයි මේක වෙබ්අඩවියක් ප්‍රචාරය කරන්ඩ හදන ඉඩක් වගේ නෙමෙයි! මේක අපිට අමතර දෘඩ තැටියක් වගේ පාවිච්ච් කරන්ඩ පුළුවන්. අනික අයට බලන්ඩ බැරිවෙන්න අපේ පුද්ගලික පරිගණක ගොනු (files) රදවා තියා ගන්න වගේම අවශ්‍ය නම් ඕනේ ගොනුවක් අනික අයත් එක්ක බෙදා ගන්නත් (share) පුළුවන්!

දිගටම කියවන්න

Hello [ආයුබෝවන්]


New Beginnings

New Beginnings

This is my very first blog site! I’m planing to expand this by adding more blogs in future. I am planing to share my knowledge and interests with the rest of the world. Other people may find my articles interesting as I also found some blogs are very interesting and helpful! Thank you so much for visiting my blog site! I hope you enjoy reading through my blogs!

මේක තමා මගේ පලවෙනි බ්ලොග් සයිට් එක! අනාගතයේදී මේකට අලුතෙන් බ්ලොග්ස් එකතු කරන්ඩත් මම බලාපොරොතු වෙනවා. මම හිතන් ඉන්නේ මගේ දැනුම සහ විනෝදාංශ ලෝකෙ අනික් අයත් එක්ක බෙදා ගන්න. මම දැකපු සමහර බ්ලොග්ස් හරිම රසවත් වගේම මට ගොඩක් උදව් උනා. මම හිතනවා මගේ බ්ලොග් එකත් අනික් අයට රසවත් වෙයි කියල! මගේ බ්ලොග් සයිට් එකට ආවට බොහොම ස්තුතියි! මගේ බ්ලොග්ස් වලට ඔයාල කැමති වෙයි කියල හිතනවා!