Internet ඒකෙ දිගට තියන වෙබ් ලිපින කොට කරන ක්‍රමයක්


කෙටි හැදින්වීමක්

ඔයාල වෙබ් ඒකෙ රවුම් ගහනකොට හම්බ වෙන සමහර ලස්සන වෙබ්අඩවි යාළුවන් එක්ක බෙදා ගන්නව නේද? එහෙම බෙදා ගන්නකොට අපිට යාළුවන්ට වෙබ්අඩවියට අයත් වෙබ් ලිපිනය දෙන්ඩ වෙනවා. සමහර වෙබ් ලිපින නම් හරිම ලේසියෙන් දෙන්ඩ පුළුවන්. මොකද ඒවා මතක තියා ගන්ඩ පහසු, ඒවගේම පොඩි වෙබ් ලිපින නිසා. අද මම ඔයාලට කියන්ඩ යන්නේ දිගට තියන, කාටවත් කියන්ඩ අමාරු වෙබ් ලිපින (ඒ කියන්නේ සංකේත එහෙම තියන ඒවා හොඳේ! කියන්ඩ ලජ්ජා හිතෙන ඒවා නෙමෙයි!) වෙබ් ලිපින කොට කර ගන්න ක්‍රමයක් ගැන. මේක කරල බැලුවට පස්සේ ඔයාලට තව අමතර වාසියකුත් ලැබෙනවා!

හදිස්සි කාරයන්ට

තනියම “අතගාල” වෙබ්අඩවිය බලන්ඩ කැමති අයට ඔන්න මම මුලින්ම ලින්ක් එක දානව. මෙන්න ලින්ක් එක ට්‍රයි කරල බලන්ඩ [Short Web Links] (එහෙම නැත්තන් මේ ලින්ක් එක කොපි/පෙස්ට් කරලත් පුළුවන් http://bitly.com/) හදිසියක් නැත්නම් මගේ බ්ලොග් එකේ ඉතුරු ටිකත් කියවලම වැඩේට බහින්ඩ. එතකොට හරියටම දන්නවා වගේම පොඩ්ඩක් හිතටත් ෆිට්නේ! මේ ලිපිය සහ වෙබ්අඩවිය හොඳ නම්, මගේ බ්ලොග් එකට VOTE Like කරල, පොඩි LIKE එකක්, COMMENT එකක්  එහෙම දාල, Facebook Facebook, Twitter Twitter, Google+ Google+ එකේ ඉන්න යාලුවෝ එක්ක බෙදා ගන්ඩත් අමතක කරන්ඩ එපා හොඳේ!

සම්පුර්ණ ලිපිය

Bitly කියන්නේ අපිට ඉන්ටෙර්නෙට් එකෙ තියන වෙබ් ලිපින කෙටි කරන්ඩ හදල සේවාවක් (තව ඒවා තියනවා හොඳේ!). මේ වෙබ් ලිපින කෙටි කරන එක විවිද දේවල් සඳහා ගොඩක් වැදගත්. එකට හේතු කිහිපයක් තියනවා. මම ඔය පහල දාල තියන්නේ මගේ ඔලුවට ආව පොඩි පොඩි හේතු ටිකක්. දිගටම කියවන්න

Advertisements