Adobe Photoshop වගේම ඉන්ටර්නෙට් ඒකෙ නිකන් දෙන ෆොටෝ හදන සයිට් එක …


කෙටි හැදින්වීමක්

ඔයාල හැමෝම දන්නවා නේද Adobe Photoshop කියන පින්තුර හදන්ඩ ගන්න මෘදුකාංගය ගැන? මම දන්නා තරමින්, මේක තමා ලංකාවේ වඩාත් ජනප්‍රියම සහ  පින්තුර සංස්කරණයට වැඩියෙන්ම පාවිච්චි කරන මෘදුකාංගය. අද මම ඔයාලට කියන්ඩ යන්නේ මේ මෘදුකාංගය වගේම පාවිච්චි කරන්ඩ පුළුවන් මාර්ගගත (online) මෘදුකාංගයක් ගැන. මේවට Cloud Computing වලනම් කියන්නේ SaaS කියල (Software as a Service). මේ බ්ලොග් එක කියවලම වැඩේට සෙට් වෙලා බලන්ඩකෝ කොහොමද කියල!

හදිස්සි කාරයන්ට

තනියම “අතගාල” වෙබ්අඩවිය බලන්ඩ කැමති අයට ඔන්න මම මුලින්ම ලින්ක් එක දානව. මෙන්න ලින්ක් එක ට්‍රයි කරල බලන්ඩ [Online Photo Editor] (එහෙම නැත්තන් මේ ලින්ක් එක කොපි/පෙස්ට් කරලත් පුළුවන් http://bit.ly/nishan-ops) හදිසියක් නැත්නම් මගේ බ්ලොග් එකේ ඉතුරු ටිකත් කියවලම වැඩේට බහින්ඩ. එතකොට හරියටම දන්නවා වගේම පොඩ්ඩක් හිතටත් ෆිට්නේ! මේ ලිපිය සහ වෙබ්අඩවිය හොඳ නම්, මගේ බ්ලොග් එකට VOTE Like කරල, පොඩි LIKE එකක්, COMMENT එකක්  එහෙම දාල, Facebook Facebook, Twitter Twitter, Google+ Google+ එකේ ඉන්න යාලුවෝ එක්ක බෙදා ගන්ඩත් අමතක කරන්ඩ එපා හොඳේ!

සම්පුර්ණ ලිපිය

දැන් මම පෙන්නන්ඩ යන්නේ මේ වෙබ්අඩවිය එක්ක වැඩ කරන්නේ කොහොමද කියල ඉතාම කෙටියෙන්! ඔයාල මුල්ම කොටස් ටික දැන ගත්තට පස්සේ අනික් ටික අල්ල ගන්න හරිම ලෙසියි. මේක කියවන කවුරු හරි Adobe Photoshop ගැන පොඩ්ඩක් හරි දන්නවා නම් එයාට වැඩේ කොහොමත් ලේසියි. මම උඩින් දීල තියන ලිනක්ස් වලින් මේ අඩවියට ගියාට පස්සේ ඔයාලට පළවෙනියට කරන්න තියන්නේ අලුත් ගොනුවක් විවෘත කරන එක. දිගටම කියවන්න

Photoshop නැතුව සිරා ෆොටෝ හදන හැටි! [Retro Effects]


කෙටි හැදින්වීමක්

Photoshop ගැන හැමෝම අහල ඇතිනේ? ඔය පොඩි පොඩි පින්තුර සුළුවෙන් වගේම මහා පරිමාණයෙන් උනත් හදා ගන්ඩ ගොඩක් දෙනා පාවිච්චි කරන්නේ මේ මෘදුකාංගය තමා. Photoshop වෙනුවට පාවිච්චි කරන්ඩ පුළුවන් මෘදුකාංග තිබ්බත් හැමෝම වැඩියෙන් කැමති සහ වැඩියෙන් පාවිච්චි කරන්නේ මේකම තමා. අද මම ඔයාලට කියන්ඩ යන්නේ Photoshop පාවිච්චි කරන්නේ නැතුව ඉතාම ඉක්මනට පින්තුරයක් පොඩි පොඩි වැඩ කෑලි ටිකක් දාල හදා ගන්ඩ පුළුවන් විදිහක් ගැන. කොටින්ම මේකේ තියන වැඩ කෑලි ටික හරිම ලස්සනයි (තියෙන්නේ ටිකයි, හැබැයි හොඳයි!). ඒවා Photoshop වලින් කරන්ඩ නම් අඩු ගානේ විනාඩි 5 – 10 වත් යනවා. එත් මේ කියල දෙන විදිහෙන් විනාඩි 2 කරල ඉවර කරන්ඩ පුළුවන්.

හදිස්සි කාරයන්ට

තනියම “අතගාල” වෙබ්අඩවිය බලන්ඩ කැමති අයට ඔන්න මම මුලින්ම ලින්ක් එක දානව. මෙන්න ලින්ක් එක ට්‍රයි කරල බලන්ඩ [Online Image Processor] (එහෙම නැත්තන් මේ ලින්ක් එක කොපි/පෙස්ට් කරලත් පුළුවන් http://bit.ly/nishan-omatic) හදිසියක් නැත්නම් මගේ බ්ලොග් එකේ ඉතුරු ටිකත් කියවලම වැඩේට බහින්ඩ. එතකොට හරියටම දන්නවා වගේම පොඩ්ඩක් හිතටත් ෆිට්නේ! වෙබ්අඩවිය හොඳ නම් මගේ බ්ලොග් එකට VOTE කරල, පොඩි LIKE එකක්, COMMENT එකක්  එහෙම දාල, Facebook, Twitter, Google+ එකේ ඉන්න යාලුවෝ එක්ක බෙදා ගන්ඩත් අමතක කරන්ඩ එපා හොඳේ!

සම්පුර්ණ ලිපිය

මේ කියන වෙබ්අඩවියට ගියාට පස්සේ ඔයාලට කැමති ෆොටෝ එකක් මේ අඩවියට upload කරන්ඩ පුළුවන්. ඔනේ නම් වෙබ් කැමරා එකෙන්, එහෙම නැත්තන් දැනටමත් ඔයාලගේ පරිගණකයේ තියන පින්තුරයක්. එහෙම නැත්තන් මේ වෙබ්අඩවිය දීල තියන උදාහරණ පින්තුර වලින් එකක් උනත් අරගන්න පුළුවන්.
දිගටම කියවන්න