Windows පද්ධති වල GOD MODE හදා ගන්න හැටි [GodMode]


කෙටි හැදින්වීමක්

ඔයාල අහල තියනවද Windows පද්ධති වල තියන GodMode එක ගැන? මේක ඇවිල්ලා Windows පරිගණක පද්ධති වල පාලන පැනලය තුල තියන සියලුම පාලන කට්ටල අංග (Control Panel Settings) එක තැනකින් බලාගන්ඩ සහ වෙනස් කරන්ඩ පුළුවන් විදිහක්! මේ ක්‍රමයේදී ඔයාල දන්න කියන පාලන කට්ටල වගේම, කවදාවත් දැකල නැතුව හැංගිලා තිබ්බ පාලන කට්ටලත් බලා ගන්ඩ සහ වෙනස් කර ගන්ඩ පුළුවන්! එහෙනම් ලිපිය ඔක්කොම කියවල බලන්ඩකො වැඩේ කොහොමද කියලා. ඕනේ නම් ඔයාලගේ යාලුවෝ ඉස්සරහ මේ කියන GodeMode එක හදල පොඩි වැඩ කෑල්ලක් දාන්ඩත් පුළුවන් වෙයි … ;-)

සම්පුර්ණ ලිපිය

ඔයාලගේ සාමාන්‍ය Windows පාලන කට්ටලය තුල තියන්නේ මේ පහල තියන පින්තුරයේ වගේ අංග නේද? මේ අංග පොඩි අයිකන වලින් බැලුවොත් අංග 52 පමණ බලාගන්ඩ පුළුවන් (මේ බ්ලොග් එක මම ලියන්නේ Windows 7 පද්ධතියක් භාවිතා කරලා). සමහර අංග මේකේ කවදවත් පෙන්නේ නෑ! ඒවා තියන ස්ථාන වෙනස්, එහෙම නැත්තන් ඒවා සාමාන්‍ය පරිගණක පරිශීලකයන්ට හොයා ගන්ඩ බැරි වෙන්ඩ හංගල තියන්නේ! දිගටම කියවන්න